දිනසේන රතුගමගේ –
යාපනයේ දැඩි කොරෝනා තර්ජනයක් තිබෙන වකවානුවක සෞඛ්‍ය නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ පෝනී රේස් තරගයක් පැවැත්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පළාතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැනුම් දී තිබේ.
කැනඩාවේ තරුණ සංගමයක ආධාර ඇතිව පෙබරවාරී 13 දා මෙම පෝනී රේස් තරගය පවත්වා ඇති අතර එම තරගයට පෝනියන් 38 ක් තරුණයින් විසින් සහභාගී කරවා තිබේ.
තරගයේදී පෝනියන් මෙහෙයවන ලද තරුණයින් කවරෙකු හෝ මුව ආවරණ පැළදීම මීටරයක සමාජ දුරස්තභාවය සුරැකීම යන කාරණා කිසිවක් ඉටු කොට නොමැති බවට තොරතුරු ලැබී තිබේ.
මෙම පෝනී රේස් තරගය වාර්ෂිකව පවත්වනු ලබන අතර මෙවර එවැනි තරග නොපවත්වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දී තිබියදී අවසරයකින් තොරව එම තරගාවලිය පවත්වා තිබේ.