සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා අතරේ මරණය දකිමින් උපන් සිවු නිවුන් දරුවන් බේරා ගත් දෙවිවරු

by editor
ජූනි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මවකට  එකම මොහොතකදී දරුවන් හතර දෙනෙකු බිහි කළ හැකිය. එහෙත් ඒ දරුවන් හතර දෙනාම අඩුබරකින් අඩු මාසයකින් උපදින්නේ නම් එම දරුවන් ජීවත් කරලීමේ භාර ‘ධූර කාර්ය පැවරෙන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුටය.  මන්ද දරුවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන  තෙක්ම ළමා රෝග වෛද්‍යවරයාට වගකීමෙන් නිදහස් විය නොහැකි නිසාය. 

දරුවෙකු මව්කුසින් මෙලොවට බිහිවන්නේ ගැබට සති 38ක් ගියපසුවය. එවන් දරුවෙකු නිසි බරකින් යුක්තවේ. එහෙත් දරුවෙකු සති 26කින් දරුවෙකු බිහි කරයි නම් එම දරුවා ජීවත් කරලීම ඉතාමත් අපහසු කාර්යයකි. විවිධ සංකූලතාවන්ට ගොදුරුවීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. එහෙත් මවකට මෙවැනි දරුවන් හතර දෙනෙකු එකවර ඉපදුණේ නම් එම දරුවන්ව ජීවත් කරලීමට තිබෙන අපහසුව මොනතරම්ද යන්න කීමට හෝ නොහැකිය.

අම්බලන්ගොඩ එරන්දි කුලසිරි මව පසුගිය පෙබරවාරි 29 වන දින සිසේරියන් සැත්කමකින් අඩුබර දරුවන් හතර දෙනෙකු බිහි කළාය. බලපිටිය රෝහලෙන් කාසල්වීදීයේ කාන්තා රෝහල වෙත එවන ලද එරන්දි පෙබරවාරි 20වන දින රෝහල් ගත විය. ඒ වන විට ඇයගේ කුසට සති 26 පිරුණා පමණි. හදිසියේම ඇතිවූ ප්‍රසව වේදනාවෙන් රෝහලේ 9, 10 වාට්ටු භාර ප්‍රසව හා නාරිවේද විශේෂඥ යූ.ඩී. රත්නසිරි ඇතුලු වෛද්‍ය කණ්ඩායම එරන්දි සිසේරියන් සැත්කමකට ලක් කළේය.

විශේෂඥ  වෛද්‍ය සමන් කුමාර මව එරන්දි පියා සජිත් සමග

සිසේරියන් සැත්කමින් පසුව දරුවන් ජීවත් කරලීමේ වගකීම පැවරෙනුයේ ළමා රෝග විශේෂඥ වරයාටය. ඒ  වන විටත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමන් කුමාර   කොළඹ අවට තිබෙන සියලුම රෝහල්වලට දුරකථන ඇමතුම් ලබා දෙමින් සිටියේය. ඒ ළදරු දැඩිසත්කාර ඒකක ඇඳන් හිස්ව පවතින රෝහල් සොයමිනි. අඩුමාසයකින් උපදින දරුවන්ගේ උපත් බර අඩුය. මෙවැනි දරුවන්ට කෘතීම  ශ්වසනය ලබා දීම සඳහා “වෙන්ටිලේටර්”  යන්ත්‍රවලට සවිකර තිබිය යුතුය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දරුවන් බිහිවන විට කාසල් රෝහලේ හිස්ව පැවතියේ ළමා දැඩි සත්කාර ඇදන් 2කි. එනම් කෘතීම ශ්වසනය ලබා දිය හැකි යන්ත්‍ර දෙකක් පමණි.  එරන්දිගේ දරුවන් දෙදෙනෙකු කාසල් රෝහලේම රඳවා ගත්ත ද අනෙකු දරුවන් දෙදෙනා  හෝමාගම රෝහලට  සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ එහි ඇඳන් දෙකක් හිස්ව පවතින බව දැනුම් දීමත් සමගය. දරුවන් එම රෝහල් වෙත යැවුවත් ළමා රෝග විශේෂඥවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ව රැඳවීම අනිවාර්ය වන්නේය.

විශේෂඥ වෛද්‍ය සමන් කුමාර

“ නොමේරූ දරුවන් ගිලන්රථයෙන් රැගෙන යනවිට විවිධ සංකූලතාවන්ට ලක්වෙන් තියෙන ඉඩකඩ වැඩියි. ඒත් කාසල් රෝහල තුළ ඒ වන පහසුකම් තිබුණේ දරුවන් දෙන්නෙකුට විතරයි. ඒ නිසා අපිට දරුවන් දෙන්නෙක් වෙනත් රෝහල්වටල යැවීමට සිදු වුණා. ඒක ඒතරම් හොඳ දෙයක් නොවෙයි. මොකද මොවුන් නොමේරූ දරුවන්. ඒ අයට විවිධ සංකූලතා ඇතිවෙන් තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. එම්බියුලන්ස් එකක මේ දරුවන් වෙනත් රෝහලටක අරිනවා කියන්නේ හරිම අවදානම් වැඩක්. ඒත් කාසල් රෝහලේ දරුවන් හතර දෙනාම රඳවා තියාගන්න පහසුකම් තිබුණා නම් පිට රෝහල් වලට යවන්නේ නැහැ. මේ දරුවෝ හතර දෙනා  කාසල් රෝහලේ සිටම බලාකියා ගන්න අපිට පුළුවන් වෙනවා.කොහොම නමුත් මගේ වෛද්‍ය ජීවිත කාලය තුළ මෙවැනි භාරදූර්ය  කටයුත්තකට  මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙයයි .” යැයි කාසල් රෝහලේ ළමා රෝග විශේෂඥ සමන් කුමාර සඳහන් කළේය.

මෙසේ  එරන්දිගේ දරුවන් රෝහල් තුනක රඳවා සිටියදී එම දරුවන්ට මව්කිරි රැගෙන යාමේ කාර්ය පැවරුණේ සජිත් කේසරටය. ඔහු එරන්දිගේ සැමියාය. කාසල් රෝහලේ සිටින එරන්දිගෙන් ලබාගන්නා මව්කිරි හෝමාගම රෝහලේ සහ ජයවර්ධනපුර රෝහලේ ළමා දැඩිසත්කාර ඒකක‌යේ සිටින තම දරුවන් දෙදෙනාට රැගෙන ගියේය. රටපුරා කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතිය පවතිද්දී සජිත් උදේ හවස තම දරුවන් පෝෂණය කිරිමට මව්කිරි රැගෙනගියේය. සජිත් අම්බලන්ගොඩ සිට කොළඹ පැමිණියත් ඔහුට නවාතැනක් සොයාගැනීම මහත් අසීරු කටයුත්තක් වූයේ කොරෝනාවෛරසය පැතිර පැවතීම හේතුවෙන් කිසිවෙකු හෝ නවාතැන්දීමට අකමැතිවීම හේතුවෙනි. කෙසේ වෙතත් නොරිස්කැනල් හී ෆාතිමා දෙව්මැදුරේ පියතුමා සජිත්ට පිහිට වූවේය. මේ අනුව සජිත් ට දෙව්මැදුරේ නවාතැන් ලැබුණි.

එරන්දි
සජිත්

 පසුගිය මැයි 14 දා වන විට  රෝහල් තුනක සිටි එරන්දිගේ දරුවන් හතර දෙනාම ඇය වෙත ලැබී තිබුණි. එදින ඇයව නිවස බලා යැවීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු සජිත්ගේ සහ එරන්දිගේ කැදල්ලට එකතු වීම ඔවුන් ලද භ්‍යාගයකි. කෙසේ නමුත් දෙමාපියන් දෙදෙනා  රජයේ රැකියාවක් කළත් දරුවන් රැක බලා ගැනීමට ඉතාමත් අසීරු කටයුත්තකි.  මේ පුංචි කැදැල්ලට උපකාර කිරීමට පරිත්‍යාගශීලී අය වෙත්නම් 0710777155 යන දුරකථනය අංකයට හෝ ඩී.එස්. දේශරා , ගිණුම් අංක 100330455369 ,ජාතික ඉතිරිකිරිමේ බැංකුව, අම්බලන්ගොඩ ශාඛාවට තමන්ගේ ප්‍රදානයන් ලබා දිය හැකිය.

Tags: විශේෂ
Share428Tweet43
Previous Post

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

Next Post

යාපනයේ වැසියෙක් කැනඩාවේ දී ඝාතනය වේ

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.