කොටහේන 16 වන පටුමගේ දි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පුද්ගලයා මියගොස් ඇත.
මෙසේ ඝාතනය වී ඇත්තේ කොළඹ 13, 17 වන පටුමග පදිංචිව සිටි එල් ඩබ්ලිව් ඒ බුද්ධික ප්‍රනාන්දු නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් අතර සිටි වෙඩික්කරු රථයෙන් බැස පසුපසින් පැමිණ මෙම පුද්ගලයාගේ හිසට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ පලනි රිමෝෂන්ගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා මීට පෙර සිදුවූ ඝාතනයකට යතුරුපැදියක් ලබාදීම සම්බන්ධයෙන් වූ සැකයක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි අනාවරණය වී ඇත.







