කෙහෙලියගේ ගෙට ගිනි තැබූ බවට  සැක පිට 06ක් අත්අඩංගුවට… 

kEHELIYA-HOME

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ මහනුවර බහිරවකන්ද පටු මගේ පිහිටි නිවස ගිනි තැබුවේ යැයි සැක පිට තරුණයින් හය දෙනෙක් මහනුවර  පොලිසිය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිවසේ තිබී සොරාගෙන ගොස් විකුණුවේ යැයි අනුමාන කළ පිත්තල සෙම්බුවක් ද  සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම පිරිස පේරාදෙණිය පාර, සුදුහුම්පල, මහනුවර රෝහල් පටුමග, යන පෙදෙස්වල පදිංචිකරුවන් බව  ද  එම පිරිස වයස අවුරුදු 20ත් 30ත් අරත තරුණයින්බව ද මහනුවර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චමිල් රත්නායක පවසයි.

මෙම පිරිස අද අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය


මේ ලිපියත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්!

Exit mobile version