දිනසේන රතුගමගේ –
මුල් අනුරාධපුර යුගයට අයත් ශ්රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ පූජා භූමියක ්වූ මුලතිව් කුරුදුමලේ විහාර භූමියේ පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධීන් කීපයක් නිසා අද ( 18 ) දහවල් එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණි.
මේ හේතුව මත කුරුදුමලේ විහාරස්ථාන භූමියට පොලිස් නිලධාරීන් හාරසීයකගේ පමණ පොලිස් බල ඇණියක් යෙදවීමට සිදුව ඇත.
දේශපාලන බල අධිකාරිය මුල් වී සංවිධානාත්මකව පිරිස් ගෙන්වා කුරුඳුමලේ විහාර භූමියේ පොංගල් පූජාවක් පැවැත්වෙන බව මීට මාසයකට පමණ ඉහත සිට ප්රචාරය කෙරනි.
එය දැනගත් දකුණේ බෞද්ධ භික්ෂූන් හා ගිහි සංවිධානවල විශාල පිරිසක් මීට දින දෙකකට පමණ පෙර සිට මුලතිව් කිරුදුමලේ විහාරස්ථානය වෙත පැමිණෙන්නට වූහ.
දකුණේ සිට පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කුරුදුමලේ විහාරස්ථානයේදී බැතිමතුන් විශාල පිරිසක් සමග එක්ව ආශිර්වාද පූජාවක් පැවැත් වූ අතර ඒ හේතුවෙන් පොංගල් පූජාවා පැවැත්වීමට පැමිණි පිරිස් දැඩි ලෙස නොසන්සුන් වූහ.
පොංගල් උත්සවයට විරෝධය පල කරමින් පෝස්ටර් විශාල ප්රමාණයක් අලවා තිබිණි. පොංගල් උත්සවයට බාධා එල්ල වූ අවස්ථාවේදී පොංගල් උත්සවයට පැමිණි පිරිසක් විශාල උද්ඝෝෂණයක් හා විරෝධතාවයක් පැවැත් වුහ. අනතුරුව දකුණේ පිරිසට හූ කියන්නටද වූහ.
මේ අවස්ථාවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට සිදු වූ අතර පැමිණි පිරිස බලහත්කාරයෙන්ම පොංගල් උත්සවය පවත්වා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
නමුත් කුරුදුමලේ විහාරස්ථානය අවට ප්රදේශයේ ආරක්ෂාව මේ තත්ත්වය මත දැඩි කොට ඇත.