අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

by editor
ජනවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව්  කුරුන්දිමලෙයි විහාරාසන්නයේ කැණීම් කටයුතු ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ වීමත් සමගම  දෙමළ මන්ත්‍රීවරු හතර දෙනෙකු ඊට විරෝධය පලකොට තිබේ.

මෙම විහාරස්ථානයේ කැණීම කටයුතු සිදුවන බව දැනගත් දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන් නෝහා රාධලිංගම් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා එස්.ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු අදාල ස්ථානයට ගොස් තිබේ.

සමාරම්භක අවස්ථාවේ ආගමික වතාවත් සඳහා ගෙනා බුදු පිළිමය…

එම ප්‍රදේශයට ආරක්ෂාව සපයන යුද හමුදාවේ 59 වෙනි සේනාංකයේ භට පිරිස් මන්ත්‍රීවරුන්ට කැණීම් ආරම්භ කරණ ස්ථානයට යාමට අවසර ලබා දී තිබේ.

කැණීම් ආරම්භ කරණ අවස්ථාවේදී අමාත්‍යවරයා ඇතුළු පිරිසට බුදුන් වැඳීම සදහා බුදු පිළිමයක් රැගෙන ගොස්  මේසයක් මත තබා මල් පූජා කිරීමත් සමගම කලබල වී ඇති දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බෞද්ධයින් නොමැති පළාතක බුදු පිළිම තැන්පත් කරන්නේ යැයි කියමින් මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වා විරෝධය පල කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආගමික වතාවත් පැවැත්වෙන අයුරු…

නමුත් කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව රැගෙන ගිය බුදු පිළිමය ආපසු රැගෙන ඒමට සංවිධායකවරු පියවර ගෙන තිබුණහ.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක   සමග අමාත්‍යංශ ලේකම්  කපිල් ගුණවර්ධන  පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය  අනුර මනතුංග වවුනියාව මන්නාරම හා මුලතිව් ප්‍රාදේශීය පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක   හා සෙසු පුරා විද්‍යා නිලධාරීන්ද යුද හමුදා ප්‍රධානින් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර කැණීම් කටයුතු ආරම්භ කිරීමට අමතරව සපුමල්ගස්කඩ විහාරයේ  දාගැබ  සංරක්ෂණය කිරීම සඳහා මුල්ගල තැබීම ද ආන්දම්කුලම රක්ෂිතයේ කැලය හෙළි කිරීමේ සිද්ධිය පිළිබඳව වූ නිරීක්ෂණ  චාරිකාවකටද අමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.

මේ වන විට යුද හමුදාවේ 59 වෙනි සේනාංකයේ  ආරක්ෂාව මධ්‍යයේ මුලතිව් කුරුන්දිමලෙයි විහාරාසන්න ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කොට සිදු කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Next Post

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.