කුරුණෑගල නගර සභා කම්කරු නිවාස සංකීර්ණයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 147කින් කොවිඩ් ආසාදිත රෝගීන් පනස් එක් දෙනෙකු (51) අද (18) දින වර්තා වීමත් සමග ප්‍රදේශය මුලුමනින්ම වසා දමා පොලිස් ආරක්ෂාව තර කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
මෙම පුද්ගලයන් හමු වී තිබුණේ කුරුණෑගල නගර සීමාවේ ඉලුප්පුගෙදර වසමට අයත් විල්ගොඩ නගරසභා කම්කරු නිවාස සංකීර්ණයෙනි.
මෙලෙස හඳුනාගත් රෝගීන් අතරින් වයස අවුරුදු 8ක ළමයින් දෙදෙනකු, වයස අවුරුදු 13ක දරුවෙක් ඇතුළුව කාන්තාවන් දාසයක් (16) සහ පිරිමින් තිස් පස් දෙනෙකු (35) වේ.
කුරුණෑගල නගර සභාවේ පවිත්‍රතා කටයුතු ඇතුළු සෞඛ්‍ය අංශයේ වැඩ කරන කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල අය මෙලෙස ආසාදිතයන් බවට පත්ව සිටී .
මේ වන විට සියලුම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර, ආසාදිතයන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ එක් අයෙකු පලාගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වෙයි .