බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණුවුණු සමාජයම නිරුවත් කරමින් නිරුවත් වුණු දැරිය…

by editor
ජූලි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැරියට 15යි.. අම්මට 30යි… අම්මාත් දැරියක්ව සිටි අවධියේ දූෂණය වෙලා..

  • ගණිකා වෘතිත්යට දැරිය විකුණන්නෙ අම්මා… මුලින්ම විකුණලා තියෙන්නෙ අනියම් සැමියා…

  •  කිරිබත්ගොඩ පන්සලක  චීවරධාරියෙක් දැරිය දූෂණය කරන්නෙ  රුපියල් පනස් දහසකට මිල දී  අරන්…

අන්තර් ජාලයේ දැන්වීම් පලකර 15 හැවිරිදි දැරිවියක් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීම ගැන මේ වන විට සමාජයේ ඇත්තේ දැඩි කථාබහකි. ඒ පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරින් විසින් බාලවයස්කාර දැරිවියක් වූ ඇයව අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඔවුන්ගේ සමාජ හැසිරීම හා ස්වරූපය ප්‍රතිමාන බිඳ දමන බැවිනි.

නමුත් අපේ රටේ මේ අකාරයට බාල වයස්කාර දැරිවියන් මුදලට ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පළමු සහ එකම අවස්ථාව වන්නේ මෙය නොවේ. වයස අවුරුදු 12 හේ 15 දැරිවියන් අලෙවි කිරීම් ගැන පවා ඉතිහාසයේ ඕනෑතරම් සාක්ෂි ඇත. එවැනි ම්ලේච්ඡකම් සම්බන්ධව විමර්ශන කර ඇත්තේත් ළමා හා කාන්තා කාර්යාංශය විසිනි. සමාජයේ සුදු පිරුවට පෙරවා ගත් වසලයින් ඒ ළමා දූෂණ පසුපස සිටියත් ඒ සම්බන්ධව විමසීමට තරම් පෞරුෂයක් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට නොවීය. නමගිය ව්‍යාපාරිකයන්, චීවරධාරීන්, දේශපාලකයන්, මේ රටේ ප්‍රභූ යැයි සම්මත පුද්ගලයන් බොහෝ දෙනෙක් බේරුනේ ඒ නිසාය.

එහෙත් මෙවර එසේ නොවීය. ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ලොකු පුටුවේ රැදී ඉන්නේ හයි හත්තියක් ඇති බලපෑම්වලට නතු නොවන පොලීසියේ දැවැන්ත කාන්තා චරිතයක් වන බැවින් ඇයව වලක්වන්නට හෝ ඇයට බලපෑම්කරන්නට හයියක් කිසිවෙකුටත් තිබුණේ නැත.

දැරිය සිය කැමැත්තෙන් ලිංගික කටයුතු සඳහා සම්බන්ධ වුවත් එය ස්ත්‍රී දූෂණයක් බව සඳහන් අපේ රටේ නීතිය ඇය පිළිබඳව ක්‍රියාත්මක කරන්නේ ඒ නිසාය.
මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ අම්මා…

මෙම විමර්ශනයේ මුල් ගෞරවය හිමිවිය යුත්තේ ගල්කිස්ස පොලීසියටය. කොවිඩ් වලින් රට වසා තිබියදී බාලවයස්කාර දැරිවියක් ලිංගික කටයුතු සදහා අලෙවි කරන බවට මුල්ම තොරතුරු ලැබෙන්නේ ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙකුටය. ඒ අනුව ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් දැරිය ගණිකා වෘත්තිය සඳහා මුදලට අලෙවි කිරීමට සම්බන්ධ පුද්ගලයෙක්ද ඊට අනුබලදුන් ඇගේ මවවන චමිලා ප්‍රියංගනී ද අත්අඩංගුවට ගන්නේ ගල්කිස්සේ හෝටලයක් ආශ්‍රිතව කළ වැටලීමකදීය.

අනතුරුව මේ සම්බන්ධයෙන් වූ විමර්ශන පොලිස්පති නියමයෙන් පැවරෙන්නේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයටය. පහළොස් හැවරදි දැරිය මුදලට විකිණිමේ විමර්ශන මේ තරමට හෝ සිදුවන්නේ ඒ නිසාය.

දැරියගේ මව 30 හැවිරිදිය. ඇය මේ දරිය බිහිකර ඇත්තේද ඇයත් බාල වයස්කාරියක්ව සිටියදීය. හෙළිවී ඇත් ආකාරයට ඇයද මුදලට විකිණෙන කාන්තාවකි. ඇය ලක්ෂ ගණන් මුදල්වලටද විකිණෙන බව සඳහන්ය.

අම්මා මුලින්ම දුව විකුණන්නෙ අනියම් සැමියට

ඇය සිය දියණියව මුලින්ම විකුණන්නේ ඇගේ අණියම් සැමියාටය. ඒ ඇගේ නැගණිය යැයි කියාය. කාන්තාවන් මුදලට විකිණීමේ තැරුව්කරුවෙක්වන ඔහු මොරටුව ලක්ෂපතියේ පදිංචිකරුවෙක් වන රජිව් නැමැති අයෙකි. ඒ පුද්ගලයා මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය.

රජිව් මෙම දැරිවියත් සිය අනියම් අඹු කමට ටික කාලයක් තබාගෙන අනතුරුව මිතුරෙක් සමග නුවරඑළියට රැගෙන ගොස් එහිදී ඇයව විවිධ පුද්ගලයින්ට අලෙවි කළේය. අනතුරුව ඇගේ මව ඇයව පූර්ණ කාලීන ගණිකාවක් බවට පත්කරන්නේ අන්තර් ජාලයේ දැන්වීමක්ද පලකරමිනි. එසේ දැන්වීමක් පලකිරීමට ඇය පෙළඹෙන්නේ තැරුව්කරුවන්ට විශාල වශයෙන් මුදල් ගෙවන්නට සිදුවන බැවින් ගණුදෙනු කරුවන් ඝෘජුවම සම්බන්ධකර ගන්නටය. ඒ සඳහා ඇය තරුණයෙක් යොදවා සිය දියණියගේ අඩනිරුවත් සහ නිරුවත් ඡයාරූපද විවිධ ලිංගික ඉරියව්වලින් සිටින ඡායාරූපද ගත්තේය.
අනතුරුව මෙරට ලියාපදිංචි වෙබ් අඩවි කිහිපයකම ඒවා පලකරනු ලැබුවේ මුදල් ගෙවාය. එසේ එම දැන්වීම පලකළ වෙඩ් අඩවි පහක් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් හඳුනා ගත්තේය. එම වෙඩ් අඩවිවල පලකල දැන්වීම ඉහළින්ම තබා ගැනීමට නිතරම එම වෙඩ් අඩවි වලට ගෙවීම්ද කර තිබුණේය.

වෙබ් අඩවි හිමිකරු අත්අඩංගුවට

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යංශයේ නිලධාරීන් බාලවයස්කාර දැරිවිය මුදලට විකීනිමට ඇගේ මවට සහය දුන් කාන්තාවක්ද, ඇයගේ ඡායාරූප වෙඩ් අඩවියේ පලකිරීමට සම්බන්ධ වූවන්ද ඇතුළුව කිහිප දෙනෙක් මුලින්ම අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඒ එක් වෙබ් අඩවියක හිමිකරුවෙක් වූ පානදුරේ පදිංචිකරුවෙක් වන දුමින්ද සම්පත් පෙරේරා නම් වූ අයෙක් අත්අඩංගුවට ගත්තේය. අනතුරුව එම වෙඩ් අඩවියේ මුදල් භාරකරුබව කියැවෙන බණ්ඩාරගම පදිංචිකරුවෙක් වන ධනුෂ්ක කෞෂල්‍ය නම් වූ පුද්ගයෙක්වද අත්අඩංගුවට ගත්තේය.

පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් පවසන්නේ මෙකී වෙඩ් අඩවිය මේ ආකාරයේ දැන්වීම් පලකිරීමෙන් පමණක් කෝටි ගණනක ආදායමක් මාසෙකට උපයා ගන්නා බව පෙනී ගොස් ඇති බවය. සෙසු වෙඩ් අඩවිද එසේමය. ඒ අනුව තවත් වෙබ් අඩවියක හිමිකරුවෙක් සහ සේවකයෙක්වද අත්අඩංගුවට ගන්නට ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය පියවර ගත්තේය.

ඒ අතර මෙම දැරියට ඇමතුම් දෙමින් ඇයව හෝටල්වලට රැගෙන ගිය පුද්ගලයින් ගැන විමර්ශකයෝ අවධානය යොමු කළහ. ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ සහයද ලබා ගත්තේය. ඊට දැරිවිගේ ජංගම දුරකතන විශාල පිටුවහලක් විය.

දැරියගේ පහස සෙයන්න රුපියල් පනස් දහසක් දුන් චීවරධාරියා…

ඒ අනුව මුලින්ම අත්අඩංගුවට ගන්නේ දැරිවියව මිලට ගෙන ඇගේ පහස ලබාගත් චීවර ධාරියෙකි. කොළඹට නුදුරු විහාරස්ථානයක සිටි ඒ තැනැත්තා රුපියල් 50000 ක මුදලක් ඇගේ පහස වෙනුවෙන් වැය කර තිබුණි. එසේම පොළොන්නරුවේ කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙක් ඇගේ පහස දවසක් පුරාවට ලබා ගැනීම වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ තුනහමාරකි. බලංගොඩ පැත්තේ මැණික් ව්‍යාරිකයෙක්ද ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කර තිබුණේය.
හොරණ පැත්තේ ගජමුතු නමින් ආහාර නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙක්ද ඇගේ පහස වෙනුවෙන් ඒ හා සමාන මුදලක් වැය කර හෝටලයකට ඇයව ගෙන්වාගෙන තිබුණි. මේ සියළු දෙනාවම ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙක්ද අනතුරුව අත්අඩංගුවට ගන්නේ කොළඹ පිහිටි කඳවුරකිනි. අවිවාහකයෙක්වන ඔහුද මේ දැරිවියගේ පහස ගන්නේ අන්තර් ජාල දැන්වීම දැකය. ඔහු වැයකර ඇත්තේ රුපියල් 20000 කි.

මාලදිවයින් රාජ්‍ය ඇමති

මේ අතර දැරිවිය ඇය සමග සම්බන්ධකම් පැවැත්වූ විදේශිකයෙක් ගැනද කීවේය. ඒ පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය පවා ඇය සතුව විය. කොල්ලුපිටියේ මරිනා බීජ් හෝටලයට ඔහු ඇයව රැගෙන ගොස් තිබුණේ රුපියල් 40000 ක් ඇයට ගෙවාය. පැයක් හමාරක් එදා ඇය සමග ඔහු ඒ හෝටල් කාමරයේ ගතකර ඇත්තේය.

මේ පුද්ගලයා ගැන විමර්ශනයක් පවත්වා අත්අඩංගුවට ගැනීමේදී හෙළිවන්නේ ඔහු මාලදිවයින් ජාතිකයෙක් බවය. 38 වන වියේ පසුවූ එම මාලදිවයින් ජාතිකයා මොහොමඩ් අෂ්මලී නැමැති අයෙකි. සිය බිරිය සමග මෙරට ඔහු රැදී සිටියේ ශිෂ්‍ය වීසාවක් මගිනි. ඒ ඊසොෆ්ට් ආයතනයෙන් උපාධි පාඨමාලාවක් හදාරන ලෙසිණි. 2018 වසරේ සිට ඔහු මෙරට රැඳී සිටින බවද හෙළිවිය. මේ පුද්ගලයා එසේ මෙසේ අයෙක් නොව, මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයා බව හෙළිවන්නේ එරට මාධ්‍යවල ඔහු ගැන තොරතුරු පලවීමට පටන් ගැනීමත් සමගිනි.

ළමා හා කාත්නා කාර්යාශයටත් ඔහු ඒ ගැන සැඟවිය. මේ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ගැන මාලදිවයින් තානාපති කාර්යාලයට කළ දැනුම්දුන් බවත් තානාපති කාර්යාලය ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන ඒ ඔස්සේ එරට මාධ්‍යවල ඒ ගැන තොරතුරු පලවී ඇති බවත් අනුමාණ කෙරේ.

මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති

මෙම දැරිවියගේ පහස ලබා ගැනීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් අය අතර මිහින්තලය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාද සිටියේය. ලලිත් එදිරිසංහ නැමැති ඔහුද දැරිය හා සම්බන්ධ වන්නේ අන්තර් ජාල දැන්වීමට අනුවය. දේශපාලන කටයුතු සදහා කොළඹට පැමිණි විටකදී මේ දේශපාලනඥයා දැරිය මිලදී ගෙන රැගෙන යන්නේ කොල්ලුපිටිය පැත්තේ ඇති හෝටලයකටය.

කෙසේ වෙතත් තවමත් දැරිවිය මුදලට ලබාගෙන ඇගේ පහස ලබාගත් අයගෙන් අඩක්වත් අත්අඩංගුවට ගෙන නැත. තවත් බෝහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

වැලිසර නාවික කඳවුරේ හෘද රෝග විශේෂඥයා

ඒ අය අතර සිටින විශේෂඥ වෛද්‍යවරයෙක්වද ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තේය. හෘද රෝග සම්බන්ධ තරුණ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ ඇති රෝහලේ සේවයේ නිරතව සිටින්නෙකි. මේ පුද්ගලයා අවස්ථා දෙකකදීම දැරිවිය මුදලට ලබාගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඔහුද මේ දැරිවිය වෙනුවෙන් 30000 ක මුදලක් වරකට වැයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සඳහන්වන ආකාරයට මේ වෛද්‍යවරයා බණ්ඩාරගම පැත්තේ පදිංචිකරුවෙකි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ විමර්ශන තොරතුරුවලට අනුව මේ දැරියගේ පරීක්ෂණයට අදාලව තවත් මෙවැනිම සමාජයේ ඉහළ ස්ථිර නියෝජනය කරන විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටී. ඒ අයවද වැඩි කල් යන්නට පෙර බාධාවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි එහි නිලධාරීහු විශ්වාසයෙන් සිටිති.

මේ පෙළ ගැහෙන්නේ මේ රටේ ප්‍රතිමාන බිඳ වැටුණු සමාජ යතාර්ථයය. පිරුවට වලින් වසා දමන්නට හදන තිරිසන් කමය. සිය දියණිය නිරුවත් කර තරුණයන් සමග ලිංගිකව හසුරුවා ලබා ගත් ඡායා රූප අන්තර්ජාලයේ පල කර ඇයව ගණිකා වෘත්තියේ යොදවන්නී ඇයගේ මවය. සිය දියණිය තමන්ගේ නැගනිය යැයි කියා මුලින්ම ඇයව අලෙවි කරනු ලබන්නේ ඇයගේම අනියම් සැමියාටය.

අන්තර්ජාලයේ දැන්වීම් පලකිරීමෙන් අනතුරුව රුපියල් පනස් දහසක් වියදම් කර මේ දැරියගේ පහස ලබන්නේ චීවරධාරියෙකි. ඇයව දූෂණය කළ අතිමහත් බහුතරය තිරිසන් කාම ආශාව පහ කරගෙන තිබුණේ ඔවුන්ගේ දියණිවරුන්ට වඩා වයස අඩු දැරියකගෙනි.

පුපුරා යන්නට ආසන්න පීඩනයකින් සහ අසහනයකින් පෙළෙන සමාජයක සිට සදාචාරය ගැන කතා කර වැඩක් නැත. තේරුම් ගත යුත්තේ මෙය එක් හුදකලා සිද්ධියක් නොවන බවය. මේ දූෂක පාදඩයන්ගේ නම් ගම් වතගොත ලැබෙන සෑම අවස්ථාවකම ප්‍රසිද්ධ කිරීම හැර අපට මේ සමාජය වෙනුවෙන් කළ හැකි යමක් දැනට ඉතිරිව නැත. එය කිරීමට අප සූදානම්ය. මහත්වරුනි… නුඹලා සඟවාගෙන සිටි නිරුවත් තිරිසනා එළියට පැන ඇත. දැන් ඉතිරි සියල්ල විඳ ගැනීම සඳහා සූදානමින් සිටින්න.


RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොරොන්දුවක් පිට සෞඛ්‍ය වර්ජනය සඳුදා තෙක් නවතී

Next Post

පැදුරටත් නොකියා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව ගිය ඇමරිකානු හමුදා

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.