කුඩු රුවන් නමින් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පුත්‍රයකු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔහු සමග ඔහු ගමන් කළ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරි විමර්ෂණවලට ලක් නොකොට මුදා හැරීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිසියේ අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විමර්ශෂණය කිරීමේ කටයුත්ත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතට පත්කර ඇති බව වාර්තා වන අතර ඔහු විසින් මේ වනවිට අදාළ විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකාසර ට අනාවරණය විය. තිලිණ මධුෂාන් නැමැති මෙම සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය අගොස්තු මස 30 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදීය.
ඔහු ඒ මොහොතේ ගමන් කොට තිබුණේ අංක තහඩු නොමැතිව ධාවනය කළ සුඛෝපභෝගී ජීප් රථයකිනි. කෙසේ වුවද ඉහළ නිලධාරියකුගේ නියෝග මත ඔහු නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.