දිනසේන රතුගමගේ
කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ගවයින් අලෙවි කිරීම, ගවයින් වෙනත් පළාත් වලට ප්‍රවාහනය කිරීම, ගවමස් පාරිභෝජනය, එලකිරි පානය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි 7 දා සිට තහනම් කොට තිබේ.
කිළිනොච්චියේ සෞඛ්‍ය අංශ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ කිළිනොච්චියේ පළාත් කීපයක් පුරා මේ දිනවල ඉතා සීග්‍රයෙන් පැතිර යමින් පවතින ගව වසූරිය රෝගය නිසාවෙනි.
ගව වසූරිය රෝගය නිසා මේ වන විට කිළිනොච්චිය හා පුනරීන් පළාත් වල ගවයින් සියයකට වඩා මියගොස් ඇති අතර මේ දක්වා රෝගය පාලනය වීමක් දක්නට නොලැබෙයි.
එම රෝගය 2020 වසරේ හටගත් අවස්ථාවේදීද ගවමස් අලෙවි කිරීම හා ගවයින් වෙනත් පළාත් වලට ප්‍රවාහනය කිරීම මෙන්ම එලකිරි පානය කිරීමද ජනතාවට තහනම් කොට තිබුණි.