සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසි කළෙක සිදු නොවුනු සේ ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් කොළඹ අහස ගැන කතාවක්!

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

අද, පෙබරවාරි 15 වැනිදාය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ට ඉහළ අහස දෙස ලෝකයේම අවධානය යොමු වී ඇත්තේය.   ඉන්දියා-පාකිස්තාන මහා සංග්‍රාමය සම්බන්ධව නිශ්චිත තීන්දුව අහසට භාර වී ඇත .  තරගයේ තීරකයා වී ඇත්තේ  ‘වැසි වලාකුළු’වලින් බර වූ අහසය.  

ලෝකයේ වැඩිම අවධානය යොමුවන ඉන්දියා – පකිස්ථාන   මුහුණට මුහුණ හමුවන මොහොතක, ක්‍රීඩකයන්ගේ දස්කම්වලට වඩා කොළඹ අහසේ නිල් පැහැය සහ අළු පැහැය අතර සටන ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මේ හේතුව නිසාය. ඉන්දියානු, පාකිස්තානු මාධ්‍ය පමණක් නොව,   ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මාධ්‍යයන් සියල්ලම කොළඹ අහසේ වෙනස්කම් ගැන යාවත්කාලීන කිරීම් මේ වනවිට  ලබාදෙමින් සිටී.

ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ හදගැස්ම හඳුනන The Indian Express, NDTV Sports සහ Hindustan Times වැනි දැවැන්ත වෙබ් අඩවි, තරගයට පෙර සිටම කොළඹ කාලගුණය ගැන සජීවී යාවත්කාලීන කිරීම්   ලබාදීමට පියවර ගෙන ඇත. එම යාවත්කාලීන කිරීම් පැයෙන් පැයට සිද්ධ වේ.  ඔවුන් සිය ප්‍රජාවට දැනුම් දෙන්නේ දහවල් කාලයේදී වැසි වැසීමේ හැකියාව 94%ක් දක්වා ඉහළ අගයක ඇති බවය.

කෙසේ වෙතත්, තරගය ආරම්භ වන රාත්‍රී 7 වන විට වර්ෂාපතන සම්භාවිතාව 49% දක්වා පහත වැටෙනු ඇතැයි පවසමින් ඔවුන් ඉන්දියානු රසිකයන්ගේ බලාපොරොත්තු යළි දල්වා තිබේ. ඒත් මැච් එක ගහන්නට තිබෙන ඉඩ බාගෙට බාගයකි. තරගය අත්හැර දැමීමේ අවදානමක් ද ඉන්දීය මාධ්‍ය විසින් මතුකර තිබේ.

පාකිස්තානු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද මෙම තත්ත්වය දෙස බලන්නේ දැඩි උනන්දුවකිනි. Zalmi TV සහ DD News වැනි X (Twitter) ගිණුම් හරහා කොළඹ අහසේ වලාකුළු හැසිරෙන ආකාරය පිළිබඳ දර්ශන සජීවීව බෙදාගනිමින් සිටී.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

වැසි සහිත කාලගුණය නිසා තරගය කෙටි වුවහොත්, ඉන් පාකිස්තානු දඟපන්දු යවන්නන්ට (Spinners) වැඩි වාසියක් හිමිවනු ඇතැයි ඔවුන් අනාවැකි පළ කරයි. එය පකිස්ථානු ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු දල්වා තිබේ.

කොළඹ අහස ගැන කතා කරන්නේ අසල්වැසි රටවල් පමණක් නොවේ. ESPNcricinfo සහ Yahoo Sports වැනි ගෝලීය ක්‍රිකට් වෙබ් අඩවි පවා සිය සජීවී බ්ලොග් අඩවි (Live Blogs) හරහා කාලගුණ තත්ත්වය වාර්තා කරයි. මීට අමතරව Cricket Mood සහ Sports Today වැනි YouTube සහ Instagram චැනල්, ක්‍රීඩාංගනය අවට තත්ත්වය සජීවීව පෙන්වමින් ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය සංසිඳුවීමට උත්සාහ කරයි.

ක්‍රිකට් යනු හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව, එය ජාතීන් යා කරන, හැඟීම් අවුස්සන සංස්කෘතික සංසිද්ධියක් බව අද කොළඹ අහස දෙස ලෝකයම බලා සිටින ආකාරයෙන් මැනවින් පැහැදිලි වේ.

අවසානයේදී, කාසිය වාසිය දිනන්නේ කවුරුන් වුවත්, පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑවත්, අද තරගයේ සැබෑ තීරකයා වන්නේ කොළඹ අහසය. වැසි බිඳුවක් වැටුණත්, නොවැටුණත්, ‘වැස්ස’ නමැති ස්වභාව ධර්මයේ තීරකයා ගැන කෙරෙන මේ කතාබහ ඉතිහාසයට එක්වනු නොඅනුමානය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියා-පාකිස්තාන තරගයේදී නායකයන් අතට දීම සිදුනොවන ලකුණු… ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු ඉන්දීය මාධ්‍ය කියන කතාව…

Next Post

පොරොත්තු ලේඛනවල සිට මිය යන රෝගීන්ගේ ජීවිත රැක ගන්න ජනාධිපති අරමුදල යොදාගෙන නව වැඩපිළිවෙළක්…

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.