කිසිම බිත්තර හිඟයක් නෑ… උත්සව සමයේ පාලන මිලටත් අඩුවෙන් බිත්තර දිය හැකියි!

කීර්ති ප්‍රනාන්දු

එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන්  මිලදී ගැනීමේ හැකියාව ඇති  බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක  පවසයි .

එබැවින්  කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක  පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා  සිටී.

විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන කේක්  ඇතුළු ආහාර ද්‍රව්‍ය  සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන නමුත්  හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාවන බවත් හෙතෙම කියා සිටියේය .

මේ වන විට රට පුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදු වෙමින් පවතින බවත් තව මාස දෙක තුනකින් පමණ අනිවාර්යයෙන්  රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන් සදහා බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිත්තර හිගයක් ඇති බව මවාපාමින් බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වී ඇතත්  එසේ කරමින් සිටින්නේ  තම නිවසේ කුකුලෙක් වත් නොමැති පුද්ගලයන් බව ද සරත් අත්තනායක පැවසීය .

Exit mobile version