කිලිනොච්චි ධීවරයින්ගෙන් ඉන්දීය රජයට අත්සන් ලක්ෂයක පෙත්සමක්!

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා කිළිනොච්චියේ ඉරණතීව් දූපත් ප්‍රදේශ අසල මුහුදු තීරයට පැමිණ මසුන් මැරීමට පටන් ගැනීමත් සමගම කිළිනොච්චියේ ධීවරයෝ ඉන්දීය රජයට අත්සන් ලක්ෂයක පෙත්සමක් යැවීමට  2 දා පියවර ගෙන තිබේ.

මෙතෙක් ඉන්දීය ධීවරයින්ගේ දැඩි ආක්‍රමණයකට ලක් වීමට සිදු වූයේ යාපනයේ ධීවරයින්ට පමණක් වූ අතර  කිළිනොච්චියේ ධීවරයින්ටද එම ප්‍රශ්නයේ බලපෑම ළඟා වීමත් සමගම එම පළාතේ ධීවරයෝ ඉන්දීය ධීවරයින්ට විරෝධය පල කිරීමට පටන් ගෙන සිටිති.

කිළිනොච්චියේ ධීවරයින් ප්‍රකාශ කලේ ඉන්දීය ධීවරයින්ට විරෝධය දැක්වීමේ පලමු පියවර වශයෙන් ඉන්දීය රජයට අත්සන් ලක්ෂයක පෙත්සමක් ඉදිරිපත් කරණ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පෙත්සමේ පිටපත් ශ්‍රී ලංකා රජයට හා ධීවර අමාත්‍යවරයාට බාර දී ඒ තුළින්ද සහනයක් බලාපොරොත්තු වන බව කීනොච්චියේ ධීවරයෝ වැඩි දුරටත් කියා සිටියහ.

Exit mobile version