බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරිබත්ගොඩට මර්වින් නැති අඩුව පුරවන දේශපාලන අම්බරුවෝ

ගුටි ගැහුව මැටි ඇමති ගෝලයන්ට අත නොතබන්නැයි පොලිසියට බලපෑම්

by editor
මාර්තු 14, 2021
in පුවත්
siril-pathiranage

කිරිබත්ගොඩ පොදු වෙළඳ සංගමයේ ලේකම්  සිරිල් පතිරණගේ

Share on FacebookShare on Twitter
  • පහර කෑවේ කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමයේ ලේකම්
  • ප්‍රහාරයට හේතුව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙ උපදෙස් මත උද්‍යානයක් විවෘත කිරීම

කිරිබත්ගොඩ පොදු වෙළද සංකීර්ණයේ රථ ගාලේ වෙළඳ කුටි ඉදිකර විණීමකට එරෙහිවූ  කිරිබත්ගොඩ පොදු වෙළඳ සංගමයේ ලේකම්  සිරිල් පතිරණගේට පහරදුන් කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දුමින්ද පෙරේරා ඇතුළු මැර කණ්ඩායම අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලීසියට දැඩිව දේශපාලන බලපෑම් එල්ලවීමට පටන්ගෙන තිබේ.

මේ වන විට ප්‍රසිද්ධියේ කිරිබත්ගොඩ පැත්තේ ගැවසෙමින් සිටින දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිව පොලීසිය අසරණව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම බලපෑම් එල්ලකරන්නේ ඇමතිවරයෙක්  විසින් බවත් මර්වින් සිල්වාගේ අඩුව දැන් කැලණියේ සම්පූර්ණ කරන්නේ එම ඇමතිවරයා විසින් බවත් එම නිලධාරියා කීය. මේ තත්ත්වය මත මේ ගැන විමසන මාධ්‍යට  කියන්නට සිදුව ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයා සැඟවී සිටින බව යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

පොලීසියට මෙවන් ප්‍රකාශයක් කරන්නට සිදුව ඇත්තේද  සැකකාර මන්ත්‍රීවරයා ඉකුත් 12 වෙනිදා ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයට පැමිණි  පැය 06 ක පමණ කාලයක් එහි ගතකර සිටියදීත්ය. මෙම සැකකාර මන්ත්‍රිවරයා පසුගිය කාලයේ දේශපාලන වශයෙන් සමීපව සිටියේ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා සමඟ බව පැවසේ.      ඔහු එම ඇමතිවරයාගේ හයිය උපයෝගී කර ගන්නෙක් බව කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

“ එදා 08 වෙනිදා රෑ මම කිරිබත්ගොඩ ගාල හංදියේ කොන්ටිනල් හෝටලයට ගියා කෑම එකක් ගන්න. ඒ වෙලාවේ දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා කට්ටියක් එක්ක අරක්කු බිබී හිටියා. මාව දැක්ක විතරයි දුමින්ද මන්ත්‍රීවරයා නැගිටල මගේ ගාවට ආවා. එයා පස්සේ තව දෙතුන් දෙනෙක් ආවා. එකපාරටම දුමින්ද මගේ මුහුණට පහරක් එල්ල කළා. පස්සේ අනිත් අය පහරදුන්නා.“ තමාට එල්ල වුණු මැර ප්‍රහාරය ගැන සිරිල් පතිරණගේ   පවසන්නේ එවැන්නකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පහර කෑමෙන් තුවාල ලැබූ තමාව කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කෙරුණු බවත් අනතුරුව රාගම රෝහලට මාරු කෙරුණු බවත් ඔහු පවසයි. රාගම රෝහලින් අක්ෂි පරීක්ෂාවක් සඳහා තමාව කොළඹ ඇස් රෝහලට  රැගෙන පැමිණි බවද ඔහු කියයි.

“කිරිබත්ගොඩ වයි.එම්.බී.ඒ. එක ඉස්සරහා තියෙන පොදු වෙළද සංකීර්ණයට අයත් ඉඩම විකුණන්නයි මේ අයට ඕනේ. පෙට්ටි කඩ කිහිපයක් හදල දැනටමත් විකුණලත් ඉවරයි. ඒ ඉඩම පිරිසිදු කරල ඉන්ටර්ලොක් ගල් අල්ලල අපි ඒක පාක් එකක් කළා. ඒකට තමයි මේ අය අපි එක්ක විරුද්ධ. පොදු වැසිකිලියෙනුත් මේ අය සල්ලි ගන්නවා. අපිට මේ පාක් එක හැදුවට විවෘත කරන්න බාධා තිබුණා. පොලීසිය ඉන්නේ එයාලගේ පැත්තේ. පොලීසියෙනුත් අපිට හිරිහැර සිදුවෙනවා. මම පාක් එකේ අල්ලපු ගල් ගැලෙව්වා කියල බොරු නඩුවකටත් පැටලෙව්වා. අපිට මේව කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මයාට මේ ගැන කීවා. එතුමා තමයි අපිට කීවේ පාක් එක විවෘත කරන්න කියල. එතුමා අපිට කීවා මේ ගැන ජනාධිපති තුමාවත් දැනුවත් කලා කියල. ඒ අනුව අපි පාක් එක විවෘත කලා. පොලීසියටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය තරහාට තමයි මට ගැහුවේ.“ යැයිද සිරිල් පතිරණගේ මහතා සදහන් කරන්නේය.

සිරිල් පතිරණගේ කියන මේ කථාව නිවැරදි නම් පොලීසිය භාර ඇමතිවරයා වන සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත කිරිබත්ගොඩ රථ ගාල විවෘත කිරීමට මුල්වූ කිරිබත්ගොඩ පොදු වෙළද සංගමයේ ලේකම්වරයාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගනීමට කිරිබත්ගොඩ පොලීසිය සතියක් තිස්සේ කල්මරමින් සිටින්නේ ඔහුට වඩා ඉහළ බලවත් දේශපාලනඥයෙකුගේ බලපෑමකට පොලීසිය යටවී සිටින නිසාදැයි කිරිබත්ගොඩ ජනතාව මේ වන විටත් ප්‍රශ්නකරමින් සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් හා ඉදිකිරීම් වහා ඉවත් කරගැනීමට නියෝග

Next Post

රිය අනතුරකින් තරුණ ප්‍රවෘත්ති නිවේදිකාවක මියයයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.