කිරිදෙන සියලුම මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
මේ අනුව වයස අවුරුදු 30ට වැඩි සෑම කිරිදෙන මවක්ම තම ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයන් වෙත ගොස් කොවිඩ් මර්දනය සඳහා ලබා දෙන ඕනෑම එන්නතත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ඉල්ලා සිටියි.
දරුවා ඉපදුණ දිනයේදීම මවට එන්නත ලබා ගැනීමට හැකි බවත් එයින් කිසිදු අහිතරක තත්ත්වයන් මවට හෝ දරුවාට සිදු නොවන බවත් ඇය සඳහන් කරයි.
කොවිඩ් වයිරසටය එරෙහිව මවගේ ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහයන් මව්කිරි හරයා දරුවාගේ සිරුරටද ඇතුළු වන බැවින් එයින් දරුවාටද කොවිඩ් රෝගයෙන් මිදීමට රැකවරණයක් සැලසෙනු ඇතැයි ඇය පෙන්වාදේ