දිනසේන රතුගමගේ –
ඒ-9 මාර්ගයේ යාපනයේ අලිමංකඩ ප්‍රදේශයේදී වාහනයකට හසු වීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි අඩි හතක් පමණ දිග ඇලි කිඹුලෙක් වන ජීවී නිලධාරීන් විසින් රැගෙන ගොස් ප්‍රතිකාර කොට ඊයේ 12 දා ජලාශයකට මුදා හැර තිබේ.
මෙම කිඹුලා ජලය සොයමින් යන අතරවාරයේ පාර මාරුවන අවස්ථාවක වාහනයක ගැටී උගේ හිස කොටසට බරපතල ලෙස තුවාල සිදුව තිබූ බව වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කළහ.
ප්‍රතිකාර ලද කිඹුලා ජලාශයට මුදා හැර තිබිණි.