බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැලෑපාලුවන් – ඉඩම් කොල්ලකරුවන් අල්ලන්න විශේෂ ඒකකයක්

ආරක්ෂක ලේකම් පැහැදිලි කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිවිරෝධී වන සම්පත් විනාශය සහ දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් අධීක්ෂණය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි

මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති බව ද ඔහු පැවසීය.

මෑතදී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම් වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.

නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක , ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද දින 25) ආරක්ෂක ලේකම්වරයා, අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බවත් වන සම්පත් අඩුවීමට තුඩු දෙන පරිසර විනාශය පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්/ දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දුෂ්කරතා මධ්‍යයේ වුවද මෙම බෝවන කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය පැසසුමට ලක් කරමින් ඔහු කියා සිටියේ අවම වශයෙන් වෛරසය ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් තම ප්‍රදේශවලට වෛරසය පැතිරීම සීමා කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇති බවයි.

“මේ අතරම , වෛරසය ආසාදිත ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය හුදකලා කළ පවුල් සඳහා පහසුකම් සපයන අතරම පැතිරීම පාලනය කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා” යැයිද ඔහු තවදුරටත් පැවසීය.

වසංගත පැතිරීම වැළැක්වීම සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන් විසින් රාජ්‍ය බලධාරීන්ගෙන් සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබාගෙන කඩිනම් පියවර ගෙන ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් මෙහෙයවන ලද යාන්ත්‍රණය මගින් ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා අනපේක්ෂිත වියදම් දැරීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

ඔහු පැවසුවේ පිටස්තර පුද්ගලයින් සමඟ සම්බන්ධතා සඳහා ඉඩ නොදෙන බැවින් අදාළ ප්‍රාදේශිය රාජ්‍ය බලධාරීන් විසින් ස්වයං නිරෝධායනය වන පවුල්වලට ඔවුන්ගේ ආර්ථික පසුබිම නොසලකා පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙස නාවික හමුදාවේ කඳවුරු තුළ මීට ඉහතදී ඇති වූ වෛරස් පොකුර සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ, “බෝගම්බර බන්ධනාගාරයේ පැතිර ඇති වෛරසය නාවික හමුදාව මෙන් බාහිර ප්‍රජාවට නිරාවරණය නොවූ හෙයින් එය මේ වනවිට පාලනය කර තිබෙනවා” යනුවෙනි.

රැස්වීමේදී වැඩිදුර අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් / දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය සංචරණයන් සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුරවැසියන් දැනුවත් කරන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්හදාබැලීමේ අත්වැරැද්දෙන් කොවිඩ් එන්නතේ සාර්ථකත්වය සියයට 90ක්වෙයි

Next Post

කුඩු ගේන්න මුහුදු ගිය මීගමු බෝට්ටුවේ හයක් බඩුත් සමග ඉන්දියාවට කොටුවෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.