කැලණි රජමහා විහාරය දින නියමක් නොමැතිව බැතිමතුන්ට වසා දමා තිබේ.
විහාරවාසී ස්වාමීන්වහන්සේලාට කිසිම කොවිඩ් උවදුරක් නැතත් අවට ගම්මානවල වේගයෙන් කොවිඩ් ආසාදිතයින් පැතිරෙන බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් මත පිහිටා ඊයේ (16) සිට මෙම තීන්දුව ගත් බව කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ.
ගිහි සහභාගීත්වයකින් තොරව සුපුරුදු වතාවත් පිළිවෙත අඛණ්ඩව පවත්වාගෙන යන බවත් උන්වහන්සේ කීහ.