කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හෝ මේ සිදුවන ආකාරයෙන් නැවත දිවුරුම් දීම වලංගු භාවයකින් තොර බව මහාචාර්ය, නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 20 වැනි ව්‍යවසථා සංශෝධනය යටතේ කැබිනට් ඇමතිවර ඉල්ලා අස්වෙනවා නම් එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිය යුත්තේ ජනාධිපතිවරයාට බවය.
අනතුරුව එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගත යුතු බවත් ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම වලංගු වන්නේ ඉන් පසුව බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ඉල්ලා අස්වීමේ ලිපි අගමැතිවරයාට දීම තුළ කිසිම වලංගු භාවයක් සහ නීත්‍යානුකූලභාවයක් නැති බව ද මහාචාර්යවරයා කියයි.