අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැඳ උගුරකට හාල් මිටක් නැතිවෙන්න යන රටක මෝල්ලු “ගේමක“! – ලාබ රට හාල් පිරිසිදු කර දේශීය සන්නාම යටතේ වෙළෙඳපලට…

by editor
මැයි 26, 2022
in පුවත්
Stocks-of-rice
Share on FacebookShare on Twitter

විදේශ රටවලින් අඩු මිලට ආනයනය කරන ලද සහල් මෙරට ප්‍රධාන පෙළේ මෝල් වලදී පිරිසිදු කර දේශීය වෙළෙඳ නාම යටතේ  වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්  පවසයි.

මෙයට අමතරව වියට්නාමයෙන් වී කිලෝව රුපයිල් 25-30 අතර මුදලකට ආනයනය කර රටේ පවතින වත්මන් දේශීය සහල් මිලටම ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු පැවසුවේය.

ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජනදිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඊයේ (25) මේ බව පැවසුවේය.

පසුගිය මාස් කන්නයේදී මෙරට සහල් නිෂ්පාදනය 60 % කින් පමණ පහත වැටුණු බවත් පොහොර නොමැති නිසා යල කන්නයේ වගා කටයුතුද ගොවීන් මේවන තෙක් ආරම්භ කර නොමැති බවත් පැවසූ  ගොවිජන එකමුතුවේ සභාපතිවරයා එළඹෙන අගෝස්තු මාසය වනවිට මේ රටේ බරපතල අහාර අර්බුදයක් පැන නගින බවද අවධාරණය කළේය.

එම ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා සද්ධාතිස්ස කුමාරයා කළාක් මෙන් වගා සංග්‍රාමයක් රටේ ආරම්භ කර වගා කළ හැකි සෑම බිම් අඟලකම වගා කටයුතු සිදුකළ යුතු බවද ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ පවතින සහල් හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට ඩොලර් මිලියන 2000 ක් පමණ අවශ්‍යය බවත් අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව එවැනි ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි බවත් ඔහු කීවේය.

ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000 ක් ලබාදෙන බව පැවසුවත් එය රටට පැමිණෙන දිනයක් කිසිවෙකුත් නොදන්නා බවත් රජය ලබාදෙන බව කියන රුපියල් 10000 යේ පොහොර මිටි කොතනකවත් නොමැති බවත් කී සභාපතිවරයා මෙම පසුබිම තුළ ගොවීන් යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම කල්දමමින් සිටින බවද පෙන්වා දුන්නේය.

මාස් කන්නයේදී මෙන්ම යල කන්නයේදීත් අස්වැන්න අඩුවුව හොත් රටේ විශාල සාගතයක් ඇතිවීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බවද ද ඔහු කීවේය.

ජනතාව පාරට බැස ගෑස්,පොහොර,ඉන්ධන ඉල්ලත්දී ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ලබාදීමට යන බවත් ඊට පෙර ජනතාවට ජීවත් වීමේ පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්ද සිටින රහස් ස්ථානයට රහස් පොලිසිය යයි… පැය තුනක ප්‍රකාශයක් ගනී!

Next Post

යුද හමුදාපති  ශවේන්ද්‍ර නික්ම යයි… නව හමුදාපති මේජර් ජනරාල් විකුම්  ලියනගේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.