දිනසේන රතුගමගේ –
උතුරේ සිට ඉන්දියාවට ගොස් එතැන් සිට කැනඩාවට පලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 62 ක් ඉන්දියාවේ පොලීසී දෙකක් මගින් 12 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ කර්නාටක පොලීසිය විසින් එම ප්‍රාන්තයේ ලැගුම් හලක සිටි දෙමළ ජාතිකයින් 38 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු වලට අනුව තමිල්නාඩු පොලීසිය විසින් තවත් දෙමළ ජාතිකයින් 24 ක් අත් අඩංගුවට ගෙන ඇත.
තමිල්නාඩු පොලීසිය විසින් මේ පිරිස අත් අඩංගුවට ගත් අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පොලීසියට හොරෙන් ලැගුම් හලෙන් පලාගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා ද තමිල්නාඩු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඉන්දියාවේ සිට කැනඩාවට භාණ්ඩ ප්‍රවාහනය කරණ නැවක ආධාරයෙන් මෙම දෙමළ ජාතිකයින් 63 දෙනා කැනඩාවට යැවීමට දෙමළ ඒජන්සිකරුවකු එක් අයෙකුගෙන් අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් ලක්ෂ හත බැගින් ලබා ගෙන ඇත.
අත් අඩංගුවට පත් පිරිස යාපනය මුලතිව් කිළිනොච්චිය හා මන්නාරම යන පළාත් වල දෙමළ ජාතිකයින් පිරිසක් වන අතර ඔවුන්ව අදාල නැව පිටත් වීමට නියමිත දිනය ළඟා වනතුරු මොවුන්ව ලැගුම් හලක රඳවා සිටියදී ඉන්දියාවේ පොලීසි විසින් අත් අඩංගුවට ගෙන තිබේ.