ඉන්දීය රාජ්‍ය විමර්ශන ඒජන්සිය ඉකුත් බ්‍රහස්පතින්දා ජම්මු සහ කාශ්මීර් දිස්ත්‍රික්කයේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ජමාත්-ඊ-ඉස්ලාමිට අයත් ඉන්දීය රුපියල් කෝටි 2.58 කට අධික විශාල වත්කම් සොයා ගත්තේය.
ෂොපියා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා විසින් දැනුම් දීමෙන් පසු ඉන්දීය රාජ්‍ය විමර්ශනය ඒජනසිය් විසින් ස්ථාන නවයක දේපල මුද්‍රා තබා ඇත.
ඒ අනුව ඉන්දීය රාජ්‍ය විමර්ශන ඒජන්සිය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
අදාල නිවේදනයෙන් තහනමට ලක්වූ සංවිධානයේ දේපල මුද්‍රා තබා ඇති බවත්, දේපළවලට ඇතුළුවීමට සහ භාවිතයට අවසර නැති බවටද සඳහන් විය.
“මෙම පරිශ්‍රය මුද්‍රා තබා ඇති අතර ඇතුළුවීම සහ භාවිතය තහනම් කර ඇත” යනුවෙන්ද නිවේදනයේ දැක්විය.
ඉන්දීය රාජ්‍ය විමර්ශන ඒජන්සිය විසින් ජම්මු සහ කාශ්මීරයේ ජමාත්-ඊ-ඉස්ලාම සංවිධානයට අයත් දේපල 188ක් පමණ හඳුනාගෙන ඇති අතර ඊට අදාල ඉදිරි ක්‍රියාමාර්ගයේදී දැනුම් දීමට නියමිතය.
මෙම ක්‍රියාව මගින් ජම්මු සහ කාශ්මීරයේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී කටයුතු වලට අවශ්‍ය අරමුදල් සැපයීම් විශාල වශයෙන් අවම කරනු ඇති අතර නීතියේ ආධිපත්‍යය සහ බියෙන් තොර සමාජයක් සහතික කිරීමේ පියවරක් වනු ඇත.







