හැටන් රංජිත් රාජපක්ෂ –
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරිමෙන් ඵලදායිතාවයද ඉහළ දැමිමට වතු සමාගම් අපෙක්ෂා කරන බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ පැවසිය.

පඩි පාලක සභාව, වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තිය සමිති ඊයේ (12) කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් ඇතිකරගත් එකඟතාවය මත වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1350 දක්වා වැඩි කිරිමටත්, එම වැටුපට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් ගෙවන බවත්, ඊට අමතරව දිනක වැටුපට නෙලිය යුතු අමු තේ දළු කිලෝ 18-20 අතර ප්‍රමාණයට අමතරව නෙලන සෑම තේ දළු කිලෝවකටම රු 50 ක් ගෙවිමටත් එකග වු බව රොෂාන් රාජදොරේ කියා සිටියේ.
වතු සමාගම් පාඩු ලබන තත්ත්වයේ තිබියදි වතු කම්කරුවන්ගේ වැටුප 25% කින් වැඩි කිරිමට එකගවුයේ මෙරට තේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් බව රොෂාන් රාජදොරේ කියයි.
වතු කම්කරුවන් කාර්යක්ෂමව වැඩ කරන්නේ නම් අමතර තේ දළු නෙලිමෙන් විශාල මුදලක් දිනකට උපයාගත හැකි බවත්, නව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට පවතින නඩුවට නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය ඇති කරගත් එකඟතාවය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව වතු කම්කරුවන්ගේ වැටුප ගෙවිමට කටයුතු කරන බවත් රොෂාන් රාජදොරේ කියයි.







