කාන්තාවන්ට එරහිව සජබ ප්‍රමුක විපක්ෂය දිගින් දිගටම සිදු කරන පහත් හැසිරිම් වලට එරහිව අද ( 10) මතුගමදී කාන්තා විරෝධතාවක් සංවිධානය කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි එම විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටියාය.

දිගින් දිගටම සජබය ප්‍රමුක විපක්ෂය පාර්ලිමේන්තුවෙන් සහ ඉන් පිටත අග්‍රාමාත්‍යවරිය ඇතුලු මාලිමාවෙ කාන්තාවන්ට එරහිව අපහාස කරමින් ජඩ ප්‍රකාශ සිදුකරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ අතර සිටින බවත් විරෝධතාවය සංවිධානය කළ පිරිස් පැවසුහ.
මතුගම සහ ගාල්ල නාගරිල කොමසරිස්වරියන් ඇතුලු කාන්තා රාජ්‍ය සේවිකාවන්ට ද කළ පීඩාවන් සිහි කළ එම විරෝධතාකාරියන් එම හිංසනයන් ද දැඩි ලෙස හෙළා දුටුවහ.
තමුන්ගෙ රාජාකාරිය කිරීමට පැමිණි බස්නාහිර පලාත් කොමසාරිස්තුමියට කොළඹදි සහ සීතාවකදී ඉතාම කැත ලෙස බැණ වදිමින් කළ අපහාසයත්, සිහි කළ විරෝධතා දැක්වූ කාන්තාවන් පෙන්වා දුන්නේ විපක්ෂය මීට වඩා ශීලාචාර සහ සදාචාරසම්පන්න හැසිරීමක් ප්‍රකට කළ යුතු බවය.








