අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් සඳහා මැදිහත්වීමට ඇමතිවරයාට ඇති බලය සහ ක්‍රිකට් අතුරු කමිටු අහෝසි කරන බව ජනපති කියයි!

by editor
දෙසැම්බර් 9, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකිරිමට කටයුතු කරන බවත්,    ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.  

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ   මුදල් පරිපාලනයත්   පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ වගකීමත් සහිත  ස්වාධීන භාරයක් ඇති කරන බව කී ජනාධිපතිවරයා    ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල ප්‍රමාණයක් තබා ගන්නා බව කීවේය.

හිටපු ක්‍රීඩා ඇමතිවරයා ඉවත් කිරීමෙන් පත් කළ නව ක්‍රීඩා ඇමතිවරයා අයි.සී.සි සමග සාකච්ඡා කරමින් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය තහවුරු කරමින් ඇතැයි ද ජනාධිපතිවරයා පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබපැතුම් පිරිනමනවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඉංග්‍රීසි ජාතින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් සමයේ සිටම කණ්ඩායම් එකතුවෙලා ක්‍රීඩා සමාජ  පිහිටුවා ගනු ලැබුවා.

නැවියන් පැමිණෙන විටත් ඔවුන් ද තාවකාලික ක්‍රිකට් කණ්ඩායම් පිහිටුවා ගත්තා. මැලේ රෙජිමේන්තුවේ බැරැක්කවල නැවතී සිටි සොල්දාදුවන් ඔවුන්ගේම ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවාගත්තා, ඒ තමයි කෝල්ට්ස් කණ්ඩායම.

එක් වරක් කෝල්ට්ස් සහ රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල අතර පැවති ක්‍රිකට් තරඟයෙන් පසුව එකතු වෙලා සිංහල ක්‍රීඩා සමාජය යනුවෙන් තවත් සමාජයක් පිහිටුවා ගන්න තීරණය කළා. ඒ සමගම ටැමිල් යූනියන් එක පිහිටවනු ලැබුවා. ඒ අනුව ජාතිවාදි මුහුණුවරකික් ආරම්භ වුණු ක්‍රීඩා සමාජ රැසක් ඇතිවුණා. මේවා මැලේ, බර්ගර්, සිංහල, දෙමළ කියන වචනවලින් පමණක් නම් කර තිබුණත්, දේශපාලන පක්ෂ මෙන් නොවී සියලු ජනවර්ගවල මිනිසුන් ඒවා තුළ එකට එක්ව කටයුතු කළා.

අවාසනාවකට මෙන්, බොහෝ දේශපාලන පක්ෂවල එය දකින්න නැහැ. ඒ නිසයි අද අප මෙම ගැටලුවලට මුහුණ දී සිටින්නේ. කෙසේ නමුත් ඔබගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සටහන් විය යුතුයි කියා මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දෙස බලන විට ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් අද අපට තිබෙන නීති රීති කිසිවක් නොමැතිව සරලව පන්දුවෙන් පිත්තෙන් සෙල්ලම් කළ යුගයේ සිට මේ දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ඔබ සැම දැක තිබෙනවා. අප ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැක තිබෙනවා. වගේම අප එම යුගය පසුකර ගොස් තිබෙනවා.

මේ අයුරින් බලන විට ක්‍රිකට් යනු වේගයෙන් වෙනස් වන ක්‍රීඩාවක්. නවීන තාක්ෂණය සමඟ රූපවාහිනිය සහ මාධ්‍යයන් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ක්‍රීඩාවද වෙනස් වෙමින් පවතිනවා.

මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වන විට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමඟ කටයුතු කරන්න ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා. ඒ නිසයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් ලබාදුන්නේ. 2024 වසරට පමණක් නොව මෙම අරමුණ ඉටුවන තුරු අප මෙම මුදල් ලබා දෙනවා. එය එක් වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවිමට බලාපොරොත්තු වෙනවා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා.

අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා.

තනතීරු, උපකරණ මේ කුමක් සඳහා මුදල් වැය කළත් එය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ සඳහන් වෙනවා. ඉතින්, එයින් අදහස් වන්නේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාසල් ක්‍රිකට් දියුණු වන බවයි. ඉන් පසුව පළාත් මට්ටමින් ක්‍රිකට් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා.

අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි. අපි මේ මුදල් යොදවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයිනගේ සංචිතය හදන්න. පිරිමි ළමයි විතරක් නෙවෙයි, ගැහැණු ළමයිනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ අන්දමින් රට පුරා  ක්‍රිකට් ක්‍රීඩාව යම් ප්‍රමිතියකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා.

බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට, කොළඹ පාසල් කිහිපයක හැරුණුවිට පාදුක්ක, කිරිඳිවැල, අගලවත්ත මේ වගේ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු අයුරකින් දියුණු වී නැහැ. ඒ නිසා සියලුම පාසල් සහ සියලුම සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ඇති බව අප සහතික කළ යුතුයි.

ක්‍රිකට් කියන්නේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. අපිට හැම ක්‍රීඩාවකින්ම දිනන්න බැහැ. නමුත් ඇතැම් ඒවා අපට දිනන්න පුළුවන්. ඉතින් අපි මේ සදහා මුදල් යොදවන්න ලෑස්තියි.

ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා.

රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි අපේ ආර්ථිකයෙන් පමණක් නොවෙයි, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව වැනි අනෙකුත් ක්ෂේත්‍රවලින්ද දස්කම් දක්වන රටක් බවට පත්වන බවට සහතික වෙමු.

ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම එහි සභාපති නිශාන්ත රණතුංග මහතා අතින් සිදු විය. 150 වන සංවත්සරය වෙනුවෙන් සමරු ඵලයක් නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වු අතර අනතුරුව ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජික මුත්තයියා මුරලිදරන් සාමාජිකත්වය ලබමින්…

1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සහ 2014 පන්දුවාර 20 (T20) ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර ගණනාවක් සිය දායකත්වය දැක්වු සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද වත්මන් සහ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් සමාජයේ නිලධාරීන් මෙන්ම සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලු රටේම විදුලිය බිඳ වැටේ

Next Post

ලයිට් ගියේ ඇයි… සිදුවූ දේ මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.