ලලිත් චාමින්ද –
ගාල්ල කළුවැල්ල උසස් තාක්ෂණ ආයතනයේ මෙගා ට්‍රොනික් (රොබෝ තාක්ෂණ )අංශයේ අද(03) පස්වරුවේ ඇති වූ හදිසි ගිනිගැනීමකින් එහි තිබූ උපකණ රැසකට හානි සිදු වී ඇත.
ගිනි ගැනීම ඇති වන අවස්ථාවේ මෙම ඒකකය වසා දමා තිබු අතර කළු දුමාරයක් සමග ගොඩනැගිල්ල එකවරම ගිනි ගැනීමට ලක්ව ඇත.
පසුව ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත .වායු සමීකරණ පද්ධතිය ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම ඇති වී තිබෙන බවට අනාවරණය වේ .