රෝගීව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනාදරයට පත් ගායන ශිල්පී චාමර වීරසිංහගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන සැලකියයුතු රසික පිරිසෙන් කළුබෝවිල රෝහලේ පරිශ්‍රය තුළ යම් අපහසුතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට චාමර වීරසිංහගේ නිල ෆේස් බුක් ගිනුම හරහා ගිනුම් පරිපාලකවරයෙක් දැනුම් දී ඇත්තේ අති විශාල රසික පිරිසක් කලුබෝවිල රෝහල වෙත පැමිණෙන බැවින් රෝහල වෙත පැමිණීමෙන් වලකින ලෙස ඉතා ආදරෙයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය රසිකයන් වෙනුවෙන් යාවත්කාලීන කරන බව ද එම සටහනේ දැක්වේ.