මනම්පිටිය – නිමල් ජයරත්න –
දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ සිදු කර නීති විරෝධි මත්පැන් සඳහා පොලිසිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව දලුකාන ගම්මානයේ ආදිවාසී කාන්තාවන් හතරදෙනක් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටිති.
ආදිවාසී කාන්තාවන් හතරදෙනා පවසන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට පොලිසිය වහා නීතිය ක්‍රීයාත්මක කරන ලෙසය.
මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා දලුකාන ප්‍රදේශයේ පවුල් 150ක් බරපතල ව්‍යසනයකට ලක් වී ඇති බව ඔවුහු පවසති.