පාසලේ වැසිකිලියක් තුළ දී පිරිමි දරුවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ කලවාන කොඩිප්පිලිකන්ද විදුහලේ වැඩ බලන විදුහල්පති සහ නැටුම් ගුරුවරයා කලවාන පොලිිසිය මගින් ඊයේ (28) හවස අත් අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන විදුහල්පතිවරයාගෙන් සහ නැටුම් ගුරුවරයාගෙන් මෙසේ අපයෝජනයට ලක් වී ඇත්තේ 12 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකි.
මේ සම්බන්ධව දරුවන් විසින් දෙමව්පියන්ට කරන ලද දැනුම් දීමක් අනුව දරුවන් සමග පැමිණි මව්පියෝ කලවාන පොලිසියට අදාල පැමිණිල්ල සිදුකර තිබිණි.
සල්ලාල ගුරුවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.