සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය පසුපස ඇති කතාව…

by editor
නොවැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති වරුෂවිතාන මිරන්ත (55) ය. ඔහුට  ඊයේ වෙඩි තබා ඝාතනය කරන්නේය. ඔහු ගමන් ගන්නා යතුරුපැදිය පසුපසින් හඹා එන රතු පැහැති මෝටර් රථයක් අම්බලන්ගොඩ  නගර සභාව සහ මහජන පුස්ථකාලය අතර මැද මහ මග දී වෙඩි තබා ඝාතනය කරන්නේය.

බැංකුවක සිට අම්බලන්ගොඩ ධීවර වරයා වෙත ගමන් කරමින් සිටිය දී  ඝාතකයින් එල්ල කළ වෙඩි පහර 05ක් වින්දිතයාට වැදී තිබිණි. දෙකක් මුහණටය. තුනක් පපුවටය. අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. ඔහුට වෙඩි තබා තිබුණේ මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කීවේය.

ඝාතකයා පැමිණි වාහනය කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් දමා ගොස් තිබිය දී හමුවිය.   මෝටර් රථය රක්ෂණ සමාගමකට අයත් එකක් බව අංක තහඩුවලට අනුව අනාවරණය වී ඇත.  එම අංක තහඩු ව්‍යාජ ඒවාදැයි තවම දන්නේ නැත. දැන් මේ ඝාතන සිද්ධිය ගැන විමර්ශන ආරම්භ වී ඇත්තේය.

විමර්ශනවලින් පෙළ ගැසෙන කතාව මෙසේය.

වරුෂ විතාන මිරන්ත ව්‍යාපාරිකයෙකි. ඔහු දකුණේ කුප්‍රකට මත්කුඩුකාර පාතාලයාවන කරන්දෙණිය සුද්දාගේ මස්සිනාය. එහෙත් වරුෂවිතාන මිරන්ත යනු අපරාධ ඉතිහාසයක් හෝ ඊට සම්බන්ධතා සහිත පුද්ගලයෙක් නොවේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එහෙත් කරන්දෙණිය සුද්දා යනු පාතලයේත් අවජාතකයෙකි.  ඔහු පාතාල ජඩයෙක් බවට පත් වන්නේ හිතහොඳ දොස්තර ලෙසින් ප්‍රකටව සිටි   වෛද්‍ය විජේසිංහ කරන්දෙණිය රෝහලේ සේව‍‍යේ නිරත වෛද්‍යවරයකු කොන්ත්‍රාත්තුවකට අනුව ඝාතනය කරමිනි. හමුදා සේවයේ නිරතව සිටියදී කළ එම ඝාතනයෙන් පසු කරන්දෙණිය සුද්දා මිනිස් ඝාතන රැසකටම චෝදනා ලැබුවේය. කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප ලැබීමෙන් අනතුරුව ඩුබායි වෙත පලාගොස් එරට සිට මත්කුඩු ජාවාරම හා පාතාල අපරාධ මෙ‍ෙහයවමින් සිටින බව පොලීසිය කියන්නේය.

  • වරුෂවිතාන මිරන්ත බිල්ලක් වන්නේ ඇයි

අපරාධ ඉතිහාසයක් නැති වරුෂවිතාන මිරන්ත ඝාතනය පෙනෙන ආකාරයට කරන්දෙණිය සුද්දාට රිදවීමට ගත් බිල්ලකි. එම ඝාතනයට හිනිදුම සහ මීටියාගොඩ ප්‍රදේශවල අවන්හල් දෙකකදී සිදුවූ වෙඩි තැබීම් හා ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට සැකකරන තොරතුරු විමර්ශන නිලධාරීන්ට මේ වනවිට  ලැබී තිබේ.

පසුගිය ජනවාරි 30 වැනිදා හිනිදුම මහබෝධිවත්තේ නවාතැන් පොළකදී තිදෙනකුට වෙඩි තබා මරා දැම්මේය.  මේ වෙඩි තැබීම කරන්දෙණිය සුද්දාගේ මෙහෙයැවීමකට අනුව සිදුවූ බව  කියැවිණි. යතුරුපැදියකින් පැමිණි ‍දෙදෙනෙක් විසින් ටී-56 අවියකින් කළ වෙඩි තැබීමෙන් නවාතැන් පොළේ හිමිකරුද ඝාතනය විය. ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ ‍තොරතුරුකරුවෙක් ලෙස කටයුතු කර ඇති බව ද සඳහන්ය.

පසුගිය මැයි 3 වැනිදා රාත්‍රී කාලයේදී මීටියාගොඩ එරනවිල පිහිටි අවහන්හලක් තුළදී මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදුවිය. එය සිදුවන්නේත් කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීමෙන් බව විමර්ශන අංශ වෙත තොරතුරු ලැබි තිබිණි.

මෙම ඝාතනයන්වලට පළිගැනීමක් ලෙස කරන්දෙණිය සුද්දාට දැනෙන්නට වරුෂවිතාන මිරන්ත   ඝාතනය සිදුකර ඇතැයි දැන් විමර්ශන කණ්ඩායම් සැකකරයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සොයා බලමින් සිටින බව පොලිස් තොරතුරු උපුටා දක්වමින් දිනමිණ පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් තවමත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලැබී නැත.   පැති කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වන බවත් ඇල්පිටිය කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය  පවසා තිබේ.

  • වරුෂවිතාන මිරන්ත කවුද?

ඔහු සමාජයේ පිළිගත් තනතුරු දැරූවෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ ඔහු සිටියේය. අම්බලන්ගොඩ ධීවර වරාය කළමනාකරණ කමිටුවේ උප සභාපති ඔහුය.  අම්බලන්ගොඩ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම් ධූරය දරා ඇත්තේත් මිරන්තය.  අම්බලන්ගොඩ හිරේවත්ත සමූපකාර ධීවර සමිතියේ ලේකම්වරයා ලෙස ඔහු කටයුතු කළේය.  අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති වරුෂවිතාන මිරන්තය.  එමෙන්ම ඔහු ව්‍යාපාරිකයෙකි.  ඔහුට අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා දෙකක් ඇති බවටද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් සැක සහිත තැන් තිබේ. අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්තය.  පාතාල අපරාධකරුවෙක් වූ ලොකු පැටීගේ රුපියල් කෝටි 33ක කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූවේ මොහු සභාපතිධුරය දරන මෝදර දේවාල‍යේ කපුවාය.

ඇතැම්විට පෙනෙන දේ වඩා වැඩි යමක් මේ ඝාතනය පසුපස තිබෙන්නට පුලුවන. ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ උපදෙස් මත අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ( දිනමිණ පුවත්පතට ගයනා කුමාර වීරසිංහ විසින් සැපයූ ලිපියක් ද පසුබිම් කර ගැනුණි )

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවමත් මේ රටේ ඉන්නේ ඡන්ද දායකයො නොවෙයි… පාරිභෝගිකයෝ… මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

Next Post

වෙරළට පාවී පැමිණි කෝටි 03කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය භාරයට..

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.