අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කප්පම්කරුවෝ පන්සලට ආවේ දේශබන්දු තෙන්නකොන් ගේ කණ්ඩායමක් විදිහට

කප්පම් සිදුවීමට මුහුණ දුන් බලපිටියේ අධිකරණ සංඝනායක හිමියෝ කියති

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2021
in පුවත්
File photo

File photo

Share on FacebookShare on Twitter
  • නායකයා හබරාදූව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රි කෙනෙක්
  • නොට්න්බ්‍රිජ් ට්‍රැෆික් ඕ.අයි.සීත් රිමාන්ඩ්

පොලිස් නිලධාරීන් බව පවසා තමන්ට මුදල් එන ක්‍රම අනාවරණය කරන ලෙසත් රුපියල් ලක්ෂ 10ක මුදලක් තමන්ට ලබා නොදුනහොත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බවත් පවසා තමාගේ මුදල් කප්පම් ගැනීමට උත්සාහ ගත් කල්ලිය කළ බලපෑම මත තමන් වහන්සේ දැඩි කම්පනයට ලක්වූ බවත් මෙම කප්පම්කරුවන් පන්සලට පැමිණි අවස්ථාවේ වාසනාවකට මෙන් ආගමික කටයුත්තක් සදහා පැමිණි පොලිසියේ සේවය කරන නිලධාරියකු නිසා තමන්ගේ ජීවිතය බේරා ගත හැකිවූ බවත් බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමියෝ ලංකාසරට පැවසූහ.

ලංකාසර මාධ්‍යව්දියකු අද මෙම විහාරස්ථානයට ගිය අවස්ථාවේ අප වෙත අදහස් දැක්වූ උන් වහන්සේ තමන් මුහුණ දුන් සිදුවීම විස්තර කළේ මෙසේය.

පසුගිය 18 වැනිදා රාත්‍රී කණ්ඩායමක් ආවා. වාහනයකින් . මේ අය ආවේ පොලිසියේ කියල. ඔවුන් කීවේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ ඒකකයකින් කියල.

එක් පුද්ගලයෙක් තමන්ගේ පොලිස් නිල හැඳුනුම්පතත් පෙන්නුවා. ඔවුන් මගෙන් ඇහුවා තමන් වහන්සේට සල්ලි එන විදිහ කියන්න. නැතිනම් ප්‍රශ්න ගොඩක් වෙයි. කියල. ඔවුන් දිගින් දිගටම මගේ ප්‍රශ්න ඇහුවේ ස්වාමීන් වහන්සේ නමකගෙන් නෑසිය යුතු ඉතාම අශීලාචාර විදිහට. මේ සල්ලි එන මාර්ග කිව්වේ නැත්නම් ගෙනියන්න වෙනවා කියල කිව්වා. එහෙ ම කිව්වේ ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න නුවන් කියන හබරාදූව ප්‍රාද්ශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා. ඔහු කීවා මාව වාහනේට දාගන්න කියල. ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති වෙයි. මේක මෙතනින් ඉවර කරන්න නම් සල්ලි ලක්ෂ 10ක් වත් දෙන්න කියල කිව්වා. මම කිව්ව එහෙම දෙන්න සල්ලි මා ළඟ නෑ. ඕන නම් මගේ බැංකුවේ ලක්ෂ එකහමාරක් දෙකක් විතර ඇති ඒක දෙන්නම් කියල. එහෙනම් ඒක ගන්න යමු කියල කිව්වා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වෙලාවේ ආගමික කටයුත්තක් සඳහා පොලිසියේ මහත්තයෙක් මගේ වාසනාවට ඇවිත් හිටියා. ඔහුගේ මේ කලබලය ගැන තේරිලා මේ පොලිසියෙන් වෙන්න බෑ කියල ටිකක් සොයාබලා තිබෙනවා. ඒ වෙලාවේ ඔවන්ට ඒක තේරිලා ඔවුන් මාව අතහැරල හෙමින් සැරේ ගියා. නමුත් ඔවුන් මට රාත්‍රියේදිත් දුරකථනයෙන් කතා කරල මුදල් ඉල්ලුවා. අවසානයේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා.

මෙසේ අහුන්ගල්ල පොලිසියේ අත්අඩංගුවට පත් පොලිස් හැඳුනුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා නොට්න්බ්‍රිජ් පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුනාගෙන ඇති අතර හබරාදූව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි නුවන් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පල්ලිවලින් හමුවූ කඩු ගෙනා තීන්ත සමාගමට ගැන පරීක්ෂණ යට ගැසීම ගැටලුවක්

Next Post

ජනපති විශ්වාස කරන්නැයි කියන්න කතෝලික මන්ත්‍රීවරු අගරදගුරු හිමියෝ හමුවීමට සැරසෙති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.