කන්න බොන්න නැතිව ලංකාවෙන් පනින පිරිස් වැඩි වේවි… බුද්ධි වාර්තා අනුව ඉන්දියාව මුහුදු තීරයේ ආරක්ෂාව තර කරයි!

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත දරිද්‍රතාවයට ඇද වැටුණු  ශ්‍රී  ලාංකිකයන් විශාල පිරිසක්  ඉන්දියාවට අනවසරයෙන් ඇතුළුවීමේ  අවදානමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කිරීමෙන් පසු  ලංකාවේ සිට ඉන්දියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා ඉන්දීය මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය රජය තීරණය කර  තිබේ.

ඒ අනුව, ධීවර ගම්මාන 500කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබෙන අන්ද්‍රා ප්‍රදේශ් සම්බන්ධව වැඩි අවධානයක් සහිතව   ඉන්දීය නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලීසිය ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

පෙරේදා සිය දරු දෙදෙනාද සමග  මන්නාරම ප්‍රදේශයේ සිට ධීවර යාත්‍රාවකින් තමිල්නාඩුවේ ධනුෂ්කොඩියට ගිය ශ්‍රී ලාංකික දමිළ යුවලක්    මණ්ඩපම්හි නාවික පොලීසිය විසින් රැඳවුම් භාරයට ගැනීමත් සමග මේ බුද්ධි පුරෝකථනය සම්බන්ධව ඉන්දියාව දැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්  මණ්ඩපම්හි නාවික පොලීසිය විසින් රැඳවුම් භාරයට ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දක්වා ලාංකික දෙමළ පවුල් 20 ක් තමිල්නාඩුවට සරණාගතභාවය අපේක්ෂාවෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වී ඇත.

Exit mobile version