පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැති තත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි මෙහි සංචාරය සඳහා පැමිණෙන සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය අනතුරු අඟවා තිබේ.
මේ වනවිට එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට පැමිණෙන සිය වැසියන් ඉලක්ක කරගෙන මෙතෙක් ලබා දී තිබූ සංචාරක උපදේශනයන් සංශෝධනය කර ඇත.
ඔවුන් සිය උපදෙස් මාලාවේ මෙසේ දක්වති
“ආනයනය සඳහා ගෙවීමට අපහසු මුදල් හිඟයක් හේතුවෙන් ඖෂධ ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී.“
“සිල්ලර වෙළඳසැල් ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සලාක කිරීම පැනවිය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් ඇති විය හැක.”
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට එන සංචාරකයන් වෙනුවෙන් සංස්කරණය කරන ලද උපදෙස් පල කර තිබුණේ එසේය.