අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කථිකාචාර්යවරියකට පහර දී වන අලියා නිලධාරීන්ට ඉගැන්වූ පාඩම

by Lanka Sara Editor
ජූලි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ:

කිළිනොච්චියේ විශ්ව විද්‍යාල මණ්ඩපයක් ඉදි කෙරුණේ අරිවියල් නගර් ප්‍රදේශයේය. යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව කිළිනොච්චියට විශ්ව විද්‍යාල මණ්ඩපයක් ලැබුණේ සංවර්ධන කටයුතු වල ප්‍රතිපලයක් වශයෙනි.

අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමයන් සිදු වෙද්දී ඒ පිළිබදව කෙරෙන මූලික සක්‍යයතා අධ්‍යයනයන් ඇත්තේ ඉතාම පහත් අඩියකය.

මහ කැළයක් විනාශ කොට විශාල ගොඩනැගිලි කීපයක් ඉදිකිරීම සංවර්ධනය ලෙස ඒ විද්වතුන් අර්ථ දක්වනු ලැබූවද ඒ අවට පරිසරය භූ විෂමතාවය ජෛව විවිධත්වය යන කිසිදු කාරණයකට මුල්තැනක් නොලැබෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයද රටේ සංවර්ධනයේ මේ නීතීන්ට හා රීතීන්ට අනුව ලැබුණු ස්ථානයකි.

වන්නියේ ඉපැරණි මිනිසුන් හේන් කෙටීමේදී පුරා වසරක් මුලුල්ලේම ආධ්‍යයනය කරණු ලබන්නේ හේනට එන ප්‍රධාන බාධයන් පිළිබදවය. බවබෝග වලින් සැපිරෙන හේන වන සතුන් විනාශ කළ හොත් වසරක්ම කුස ගින්නේ සිටීමට සිදුවන නිසා හේන් ගොවියෝ සතා සිව්පාවාගේ ගමන් විලාශය කෙරෙහි විශාල අවධානයක් යොමු කරණු ලබයි.

මේ වන සතුන් අතරින් අලියා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ අලියා හේනට කඩා වැදුණහොත් එක රැයකින් මුලු හේනම කම්බස් වීමත් අතර මගදී අලියා මුණ ගැසුණොත් ගොවියාගේ ජීවිතය කම්බස් වන බව දන්නා නිසාය.
මේ හේතුව නිසා වන අලි ගමන් කරණ අලිමංතලව්වේ කිසිම දෙයක් සිදු නොකරයි.අලිමංතලව්ව ඇත්තේ වන අලියාට නිදහසේ කැලෑ කොල කා ගොස් වැවෙන් වතුර පොදක් බී ගිමන් හැරීමටය.

ගොවියා වන අලිමංතලව්වේ කිසිවක් නොතැනුවත් නවීන ලෝකයේ සිටින සංවර්ධන කටයුතු පිළිබදව වූ ඔස්තාර්ලා සංවර්ධන ගොඩනැගිලි ඉදිකිරීමේදී මේ අලිමංතලව්වන් ගැන කිසිම අවධානයක් යොමු කරණු නොලබයි. කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපය එවැනි තැනක ඉදිකිරීමේ ප්‍රතිපලය වූයේ එම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියකට සිය තරුණ ජීවිතය අහිමි වී යාමයි.

කිළිනොච්චියේදී පමණක් නොව මත්තලදී හම්බන්තොටදී වවුනියාවේ බෝගස්වැවදී මිනිසුන් වන අලින්ගේ ප්‍රහාරවලට ලක්වන්නේ අලිමංතලව් පිළිබදව නොතකා කළ ඉදිකිරීම් නිසාය.

කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයේ තාක්ෂණ විද්‍යාව පිළිබදව කථිකාචාර්යවරියක් ලෙස ගායත්‍රී දිල්රුක්ෂි පැමිණෙන්නේ වසර එකහමාරකට පමණ ඉහතදීය.ඒ ඇයගේ වයස අවුරුදු තිහේදීය.කොළඹ කැළණිය කැළණිමුල්ල ඇගේ ගම් පියස වූවත් ඇය ඉංජිනේරු උපාධියක් ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලයෙනි.

දිල්රුක්ෂිගේ විෂය පථය තාක්ෂණ විද්‍යාව වූවත් ඇය බෞද්ධාගම කෙරෙහි දක්වා ඇත්තේ දැඩි විශ්වාසයකි.ඇගේ ඇල්බමයකින් හමු වූ ඡායාරූපවලින් බොහොමයක් ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ නානාවිධ ආගමික ස්ථානවලදීය.වත්මන් පරපුරේ තරුණියන්ට සිය ආගම විහිලුවක් වූවත් මේ කථිකාචාර්යවරියට ඇගේ ජීවිතයට විශාලතම අනතුර සිදුවන්නේද මේ ආගමිල භක්තිය නිසාමය.

කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයට අයත් නේවාසිකාගාරයත් බුදුන් වැදීමට හැකි බුදුමැදුරත් අතර දුර පයින් යා හැකි දුරකි.මේ නිසාම ඇය දිනපතාම කවර හෝ යෙහෙළියක් සමග ගොස් බුදුමැදුරේ බුදුන් වැදීමට පුරුදුව සිටියාය.

දිල්රුක්ෂි කථිකාචාර්යවරිය මේ වන අලියාගේ ප්‍රහාරයට ලක්වන දිනයේදීද බුදුන් වැදීමට ගියාය.පුරුදු පරිදි තවත් කාන්තාවක් සමග සුපුරුදු ගමන ගොස් බුදුන් වැද ඇයට නිරුපද්‍රිතව ආපසු නේවාසිකාගාරයට පැමිණීමට නොහැකි විය.

අඩ අදුරේ නේවාසිකාගාරය දෙසට එමින් සිටි මේ දෙදෙනා ඉදිරියට දැවැන්ත වන අලියෙකු කඩා වැදුණේ කිළිනොච්චිය අරිවියල්නගර් කැළයෙනි. දිල්රුක්ෂි කථිකාචාර්යවරියගේ තනියට සිටි කාන්තාව කෑගසමින් ආපසු හැරී දිව යන්නට වූයෙන් කථිකාචාර්යවරියද ඇයව අනුගමනය කළාය. එහෙත් මහ කැළයේ අණසක පතුරවමින් සිටින වන අලියාගේ ඉක්මන් ගමනට දිල්රුක්ෂි පරාජය වූවාය.
පසුපස ලුහු බැද පැමිණි වන අලියා ඉතාම ඉක්මනින් දිල්රුක්ෂිව අල්ලා ගත්තාය.හරියටම කවුරුවත් සිද්ධිය ඇසින් නොදැක්කත් ඇගේ සිරුරේ ඇති තුවාලවලට අනුව වන අලියා දෙවරක්ම ඇයට පහර දී පොළොවේ ගසා පාගා තිබේ.

හිත්පිත් නැති මේ ප්‍රහාරයෙන් පසුව වන අලියා කැළයට ගොස් ඇත්තේ කිසිවක් නොවූ පරිද්දේනි.

මහ කලුවරේ ඇසුණු මේ එක එක ශබ්දයන් නිසා එතැනට පැමිණි පිරිස අතර විශ්ව විද්‍යාලයේ පිරිසක්ද වූහ.ඔවුන් සියලුම දෙනා එක්ව තුවාල ලැබූ දිල්රුක්ෂිව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළේය.

ඇගේ තත්ත්වය බරපතල නිසා වහාම ඇයට ප්‍රතිකාර ලබා දෙන අතර වාරයේම විශේෂ ගිලන් රථයකින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළත් ඇයගේ ජීවිතයේ බොහෝ පද්ධති මියගොස් ඇති බව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු විසින් වාර්තා කොට තිබේ.ඒ අනුව කථිකාචාර්ය දිල්රුක්ෂිගේ මොළය සූසුම්නාව ස්නායු පද්ධතිය ස්වසන පද්ධතිය යන සියල්ලම නතර වී හමාර නිසා ඇය මියගොස් බවට නිවේදනය කෙරුණි.

නමුත් යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ගේ බලවත් ඉල්ලීම මතත් රෝහලේ බලධාරීන් හා විශ්ව විද්‍යාල බලධාරීන් අතර ඇති සම්බන්ධකම් නිසාත් කථිකාචාර්ය දිල්රුක්ෂිගේ සිරුරට මිනිසෙකුට ජීවත් වීමට අවශ්‍ය සියලු යන්ත්‍ර සවිකොට තිබේ. දැන් ක්‍රියාත්මක වන්නේ ඇගේ ජීවිතය නොව යන්ත්‍රවල බලයයි.

මේ අතරවාරයේ වනජීවී නිලධාරීන් කථිකාචාර්යවරියට පහර දී වනයට පලාගිය වන අලියා සෙවීමේ මෙහෙයුමක් දියත් කොට තිබේ.නමුත් ඒ වන අලියා සොයා ගැනීමට එම නිලධාරීන්ට නොහැකි වී තිබේ.නිලධාරීන් වනය බාරව සිටින්නේ අපියැයි කීවද වනයේ අයිතිකාරයෝ වෙන පිරිසක් බව මනාව ඔප්පු වී තිබේ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

PHIලාගේ වර්ජනය නිසා මැතිවරණ කොමිසම අමාරුවේ

Next Post

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ කාලසීමාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.