බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම මහ කපුවා ඇප පිට නිදහස්…

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටියක් සොරකම් කිරීමට චෝදනා ලද ප්‍රධාන සැක කරු වූ   කතරගම මහ කපුවා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්  සහ සෑම මසකම අවසන් සතියේ ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටීමේ කොන්දේසි මත මුදා හැරීමට තිස්ස මහාරාම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තරිඳු ද සිල්වා මහතා අද (27) මීට ස්වල්ප වෙලාවකට පෙර නියෝග කළේය.

අංගොඩ ලොක්කා නැමති පාතාල  අපරාධකරු විසින් කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටියක් සොරකම් කිරීම සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසු  අතුරුදහන් වී සිටි මහ කපුවා වූ සොමිපාල ටී රත්නායක අද කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු පැයක් පමණ තිස්සේ ප්‍රකාශයක් ලබාගෙන තිස්සමහාරාම අධිකරණය වෙත යොමු කර තිබිණි.

ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව ඇප මත නිදහස් කළේය.

මෙම වංචාවට චෝදනා ලැබූ මහ කපුවාගේ මුණුබුරා වූ චූටි කපුවා ද පසුගිය සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුවේය.

ඔවුන් දෙදෙනාම අතුරුදහන්ව සිටි බව පොලිසිය කීවේය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සිද්ධිය 

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරියවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.

එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් වූ   සොමිපාල ටී රත්නායක නමැති ප්‍රධාන කපුවා  බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපුවාගේ කාමරයේ තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

ඒ අනුව සිදුකළ විමර්ශනයේ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු  ඉකුත් 11 වෙනි දින එම කපුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කතරගම බලා පිටත්ව ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටියේය.   එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවී තිබිණි.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත   ඇතුළු කණ්ඩායමට පවසා තිබිණි.

එදා සිට මේ දක්වා ප්‍රධාන කපුවා අතුරුදහන්ව සිටි බව පොලිසිය කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60ක් පමණ වසරකට වඩා කාලයක් තිස්සේ අක්‍රීයයි! . රැඳවියා ඝාතන පරීක්ෂණයේ දි හෙළි වෙයි…

Next Post

මුස්ලිම් ජනතාවගේ  ආගමික සංස්කෘතික ප්‍රශ්න විසඳමින් ලබන පෙබරවාරියේ ජනපතිගෙන් සම්පූර්ණ ප්‍රකාශයක්!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.