කඩුගන්නාව නගරසභාවේ සභාපතිවරයා තමන් නගරාධිපතිවරයෙක් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකසා ගත්, පරීක්ෂණ දියත් වීමේදී අස්ථානගත වී ඇතැයි කී විදේශ ගමන් බලපත්‍රය හමු වී තිබේ.
අමිල වේරගොඩ නැමැති කඩුගන්නාව නගරසභාවේ සභාපතිවරයා ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ඒ විදේශ ගමන් බලපත්‍රය යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධ කාන්තාවන් ජපානයට හා ස්පාඤ්ඤයට පැටවීමේ ජාවාරමක යෙදී සිටින බවට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ වූ වහාම නගරසභා සභාපතිවරයා කඩුගන්නාව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමමින් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී යැයි ප්‍රකාශ කළේය.
පසුව ව්‍යාජ ලෙස සකස්කළ එම විදේශ ගමන් බපත්‍රය සොයා ගැනුණි.
මේ සම්බන්ධව කිසිම දේශපාලන බලපෑමකට යටත් නොවී අදාල පරීක්ෂණ දියත් කරන බව දැනට අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසීය.
ඉදිරියේ දී තවත් කරුණු රැසක් හෙළිදරවු වීමට නියමිත බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මේනක හේරත් තහවුරු කළේය.