පහල කඩුගන්නාව පලතුරු කඩ පේළිය හෙවත් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල විදපු හන්දිය අසල නායයෑම් තත්ත්වයක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි
මේ හේතුවෙන් මීටර් 250 ක පමණ කොටසකවන කඩ පේලි 25ක් වහාම ඉවත් කළ යුතු යැයි ද ඔහු කියයි.
නාය යෑමක් සිදුවීමට අවශ්‍ය මූලික සියලු සාධක එම ස්ථානයේ දක්නට ලැබෙන බැවින් හැකි ඉක්මනින්න වෙළෙඳ සැල් පවත්වා ගෙන යන පිරිස් ඉවත් කළ යුතුව ඇතැයි හේ අවධාරණය කළේය.
අදාළ කඳු වැටියේ සිට පහළට එන ජල පහර පොළොව යටින් ගලා යන බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද සමඟ නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ඔහු කියයි.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු වගකිව යුතු අංශ කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව තිබෙන බවත් ඔහු පවසයි.