කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ස්ටාර් ගාමන්ට් ආයතනයේ සේවය කරන තවත් සේවිකාවන් 33කුට කොවිඩඩ් වෛරසය ආසාදනය වී ඇති ආකාරය ඊයේ තහවුරු වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය.
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සයුරු පෙරේරා ලංකාසරට පැවසුවේ මෙම පිරිස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බවය. එමෙන්ම මේ පිරිස තාවකාලිකව ලැගුම් ගෙන සිටි නෝවාසිකාගාරවල සිටි ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට මේ පිරිස සමග සිටි 80කට ආසන්න පිරිසක් නිරෝධායනය කර තිබේ.