දිනසේන රතුගමගේ
කටුනායක ගුවන් තොටුපලේ සිට යාපනයට කුලී වාහනයකින් පැමිණෙමින් සිටි පවුලකට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගමන් මලු සමගින් කුළී රථ රියදුරෙකු අතුරුදහන් වීම නිසා එම පවුල දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
කැනඩාවේ සිට පැමිණි මේ පිරිස යාපනය බලා ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්‍රදේශයට නුදුරු ස්ථානයකින් දිවා ආහාරය ගැනීමට ගිය අවස්ථාවේදී කුලී වාහනයේ රියදුරු ගමන් මලු සමග අතුරුදහන් වී ඇති බව එම පවුලේ සාමාජිකයින් පොලීසියට පැමිණිලි කොට තිබේ.
මේ පිරිස යාපනයට යාම සදහා කුලී රථය ලබා ගෙන ඇත්තේ කටුනායක ලියාපදිංචි රථ ගාලෙන් නොවන නිසා ඒ වාහනය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබා දීමට යාපනයේ පවුල අසමත් වී තිබේ.
දිවා ආහාරය ගැනීමට රියදුරුටද ආරාධනය කොට ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කොට වාහනයේම රැදී සිට තිබේ. පවුලේ උදවිය ආහාර ගෙන ආපසු පැමිණ බලන විට කුළී වාහනය ඔවුන්ගේ රුපියල් කෝටි ගනනක භාණ්ඩ බහා තිබූ ගමන් මලු 9 ක් සමග අතුරුදහන් වී ඇති අන්දම දැක ගැනීමට හැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඔවුන් වෙනත් වාහනයක් කුලියට ගෙන යාපනයට පැමිණ ඇත.







