පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයම ව්‍යසනයට ලක් කරමින් මහා පරිමාණ කුඩු ජාවාරමේ මහ මොළකරු ලෙස කටයුතු කළ බවට හඳුනාගෙන සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර අද (07) දහවල් 11ට පමණ කඩවත පොලිසියට භාර විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අද උදේ පොලිසිය මහජන සහාය පැතුවේය.
වැලිවේරියේ කිරිකත්ත පාරේ පදිංචිව සිටි සමන් කුමාර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි මත්ද්‍රව්‍ය කාර්යාංශ ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසද සේවය කර තිබිණි
RelatedPosts
Tags: නවතම







