දිනසේන රතුගමගේ –
කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය ඊයේ ( 15 ) උදෑසන පැවති විශේෂ දේව මෙහෙයත් සමගම ඉතා සාර්ථකව අවසන් වුණි.

මෙවර එම මංගල්‍යයට ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් දස දහසක් පමණ සහභාගී වී සිටි අතර ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් නාවික හමුදාව විසින් සපයා දී තිබුණි.
මෙම මංගල්‍යය පැවැත්වෙන දිනයේදී ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ ධීවර නායකයින් හා උතුරේ ධීවර නායකයින් එම දූපතේදී හමු වී රටවල් දෙක අතර ධීවර කටයුතු සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කෙරෙන අතර මෙවරද එම සාකච්ඡාව පැවැත්වුණි.
මෙවර සාකච්ඡාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී දෙරටේ ධීවර ප්‍රශ්න ගැන සාකච්ඡා කොට තිබේ.

කච්චතීව් දූපතේ පැවත්වෙන වාර්ෂික මංගල්‍යයෙන් පසුව ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් එම මංගල්ලයට සහභාගී වූ බැතිමතින් සියලුම දෙනා එදිනම ආපසු යායුතු අතර යළි එම දූපතට පැමිණීමට අවසර ලැබෙනුයේ ඊළඟ වසරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට සහභාගී වීම සදහා පමණකි.
ඉන්දීය වැසියන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණිය හැකි එකම ස්ථානය මෙම කච්චතීව් දූපත වන අතර එසේ පැමිණීමට අවසර ලැබෙන්නේද වාර්ෂික මංගල්ලය පැවැත්වෙන දින දෙකේදී පමණකි.







