පසුගිය වකවානුව තුළ රජයේ රෝහල් ආශ්‍රිතව සිදුවූ ආන්දෝලනාත්මක මරණ සහ බිහිසුනු අසාත්මිකතා ඇතුළු ඖෂධ සම්බන්ධ එල්ල වූ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වෛද්‍ය සහ හෙද ක්ෂේත්‍රවල ප්‍රාමාණික වෘත්තිකයන් ඇතුළත් පංච පුද්ගල කමිටුවක් හෙට (17) සෞඛ්‍ය ඇමතිවරයා විසින් නම් කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
මෙම කමිටුව ක්ෂේත්‍රය පිළිබඳ පිළිගත් මහාචාර්යවරුන්ගෙන් සමන්විත වනු ඇති බවත් ඔවුන් විසින් මරණ සහ සිදුවීම් සම්බන්ධව පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව ඇමතිවරයා වෙත විද්‍යාත්මක වාර්තාවක් ලබාදීමට නියමිත බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ඇමතිවරයාගේ නියමයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල හා මහනුවර ජාතික රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙම පංච පුද්ගල විශේෂඥ වාර්තාව රටේ රෝහල් පද්ධතියේ ඉදිරිය සම්බන්ධව සාධනීය මගපෙන්වීමක් කරනු ඇතැයි පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මතබේදයට තුඩුදෙන මරණ සම්බන්දයෙන් මාධ්‍ය වාර්තා පලවීමත් සමඟ ප්‍රතිකාර සඳහා රෝහල් කරා පැමිණීමට ජනතාව උනන්දුවක් නොදක්වීමට ඉඩක් ඇතැයි ද කිවේය.
ඔහු කීවේ රෝහල් මගින් රෝගීන් ට ලබාදෙන සෞඛ්‍ය සේවාව කිසිසේත්ම කඩා වැටී නොමැති බව විශ්වාසයෙන් දැනුම් දෙන බවය.