තමන්ගේ දෙමව්පියන්ට තමන්ට කන්න දෙන්න විදිහක් නැති බවත් පාඩම් කිරීමට පොත් පත් හෝ විදුලිය නොමැති බවත් රටට කියමින් මහනුවර සියලුම පාසල් නියෝජනය කරන පාසල් සිසු සිසුවියන් පන් දහසකට අධික පිරිසක් මේ වනවිට මහනුවර දළදා වීදියේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.
මේ සිසුන් අති බහුරතය පාසල්වල උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ පන්තිවල සිසුවෝ වෙති.
“අපට බඩගිනියි… අපේ අම්මලට තාත්තලට අපිට කන්න දෙන්න විදිහක් නෑ,… “
“ඉගෙන ගන්න පොත් පත් නෑ.“
“ලොකු හොරු පොඩි හොරු අපට වැඩක් නෑ. කොහොම හිඟා කෑවම අපේ අනාගතයේ ද අපි ණය ගෙවන්නෙ.“
“පාඩම් කරන්න ලයිට් නෑ. විභාග තියන්න කොල නෑ. “
“ආදර්ශමත් නායකයෝ අපට නෑ.“ වැනි පාඨ සඳහන් පුවරු සහිතව මේ සිසු සිසුවියෝ සිය විරෝධතාවය ප්‍රකාශ කරති.
විශේෂත්ත්වය වන්නේ පුදුමාකාර ජන සහයෝගයක් මේ දරුවන්ට ලැබෙමින් තිබීමය. එකම දෙමව්පියෙක්වත් උද්ඝෝෂණ භූමියට පැමිණ නොසිටීමය. මේ වනවිටත් පොලිසිය ඉතා දැඩි සංයමයකින් යුතුව මේ දරුවන් ආරක්ෂා කරමින් සිටීමය.