ගෘහ සේවය සඳහා සංචාරක වීසා මත ඕමාන් සහ ඩුබායි යන රටවලට පිටත් කර යැවූ ශ්‍රී ලාංකීය කාන්තාවන් ගණිකා සේවයේ සහ වහල් සේවයේ යෙදවීම සඳහා ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කළ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයක භාෂා පරිවර්තකවරියක ලෙස කටයුතු කළ බව කියන ආශා දිසානායක නමැත්තිය රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා මහතා ඊයේ (21 දා) පස්වරුවේ නියෝග කළේය.
සිය සේවාදායිකාව එවැනි මිනිස් ජාවාරමකට කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බවත්, චෝදනා එල්ල වී ඇති විදේශ රැකියා ආයතනයේ භාෂා පරිවර්තිකාවක ලෙස වසර ගණනාවක් ඕමාන් රාජ්‍යයේ කටයුතු කර ඇති ඇය හදිසි අසනීප තත්ත්වයක් නිසා පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.
පෙර වැරදි හෝ වෙනත් නඩු කිසිවක් නැති ඇයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව දැන ගැනීම නිසා ඊයේ උදෑසන සිට සිය කැමැත්තෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් භාරවූ බව ද නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එම නඩුව ලබන 01 වැනිදා නැවත කැඳවීමට නියමිතය