බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඕන නම් හෙදියන්ට එක දවසින් ආණ්ඩුව දණ ගස්සන්න පුළුවන්”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලංකාසරට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව

by Lanka Sara Editor
ඔක්තෝබර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

• ජීවිත අවදානමෙන් වැඩ කරන හෙදියන් හැම අතින්ම අනාරක්ෂිතයි!
• සෞඛ්‍ය ලේකම් හමුවෙන්න වෛද්‍යවරුන්ට පෝලිමේ ඉන්න වෙලා
• ආණ්ඩුව ගෙනාවෙත් අපි ඒතා දැන් අපි ඉන්නවා කියල අමතකයි
• කාරිය කෙරෙන තුරුයි කාගෙත් රැවටිල්ල

කොරෝනා වසංගතය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් වෘත්තිමය වගකීම ඉටුකරන හෙද සේවාවේ නියුතු අයගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පමණක් නොව ආරක්ෂිත ඇඳුමක්වත් ඔවුන්ට ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුක්ගැනවිලි කියන්නට කිසිදු තැනක් නැති බව පවසන ආනන්ද හිමියෝ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට වෛද්‍යවරුන් හට පෝලිමේ යෑමට සිදුව තිබෙන බවත් පැවසූහ.

ලංකාසර සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ තවදුරටත් අප විමසූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබාදුන්හ.

ප්‍රශ්නය – හෙද සේවයේ නියුතු අයගේ ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඔබ වහන්සේ සෞඛ්‍ය ඇමතිණිය ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පිළිතුර – ඔහු දිගු කාලයක සිට මෙම ඉල්ලීම් කරනවා නමුත් අද වන තෙක් විසඳුම් ලැබිලා නැහැ.

ප්‍රශ්නය – මොනවද හාමුදුරුවනේ විසඳුම් නොදෙන ඒ ඉල්ලීම්?

පිළිතුර – ප්‍රවාහන පහසුකම්, නවාතැන් හා ආහාරපාන. මෙම ගැටළු ඇතුළු හෙද සේවයට බලපා තිබෙන ඉල්ලීම් ගණනාවක් අපි ඉදිරිපත් කළා. නමුත් එයින් කිසිදු පලක්වී නැහැ. බීරි අලින්ට වීණා වයනවා වගේ. සේවක ප්‍රශ්නේ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. තුනෙන් දෙකේ බලයෙන් සියල්ල කළ හැකි යැයි මේ අය විශ්වාස කරගෙන සිටිනවා. අද කිසිම සේවකයෙක් තෘප්තියක් ඇතිව තම වෘත්තියේ කටයුතු කරන්නේ නැහැ. හැම තැනම හැම සේවයකයකුටම ප්‍රශ්න. එය මේ පාලකයින් තේරුම් නොගැනීම මහා අවාසනාවක්. හෙද සේවයේ නියුතු අය අහසින් වැටුන පිරිසක් ලෙස සලකා කටයුතු කිරීම වැරදියි. අනෙක් හැම කෙනාටම වැඩිය රෝගීන්ගේ කැත කුණු අතගාමින් එම සේවය නිසි ලෙස ඉටුකරන පිරිසකට කුඩම්මාගේ සැලකිල්ල දැක්වීම වැරදියි.

කොරෝනා වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකා ජීවිත පරිත්‍යාගයෙන් හෙද සේවය ප්‍රමුඛ සෞඛ්‍ය සේවයේ පිරිස කටයුතු කරනවා. එලෙස සියලු දේ කැපකරමින් ජීවිත පරිත්‍යාගයෙන් සේවය ලබාදෙන හෙද හෙදියන්ට ආරක්ෂිත ඇඳුමක්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වී තිබෙනවා.

ආරක්ෂිත ඇඳුමක්වත් නොමැතිව සේවයේ යොදවා සිටින හෙද සේවයේ නියුතවූවන්ට කොරෝනා වැළඳුණහොත් ඊට වගකියන්නේ කවුද? අද ඔය පාර්ලිමේන්තුවේ සිටින එක මන්ත්‍රීවරයෙක්වත් පසුගිය වතාවේ කොරෝනා රෝගය හැදුන විට එළියට බැස්සෙ නැහැ.

මේ රටේ හෙද සේවයේ නියුතු අය අලි කොටි ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලා සිටින්නේ තම සේවය කරගෙන සමට අවශ්‍ය මූලික පහසුකම් හා සේවා ලබා දෙන ලෙසයි.

අද හෙද සේවයේ නියුතු අයට හරියට කෑම ටික කන්නවත් තැනක් නැහැ. ජාතික රෝහලේ හෙද සේවයේ නියුතු අය වෙනුවෙන් ආපන ශාලාවක් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටියා. එහෙම තැනක් තියනවනම් කෑම ටික හරි නිදහසේ අනුභව කළ හැකියි. වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය – අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉල්ලීම් තුනක් ප්‍රමුඛ කරගෙන ඊට පැය 48ක් ඇතුළත විසඳුම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමතිනියට යොමුකළ ලිපියේ ඉල්ලීම්වලට තවමත් විසඳුම් නැති නම් ඊළඟ පියවර වැඩවර්ජනයක් ද?

පිළිතුර – මූලික පියවර ලෙස විරෝධතාවක් දැක්වීමට තමා අප සැලසුම් කර තිබෙන්නේ.

මේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙනවා නම් ගතයුතු පියවර බොහෝමයක් තිබෙනවා. කොරෝනා වසංගතය නිසා අපි ඉවසනවා. නැතිනම් එක දවසක් දන ගැසිය හැකියි. හෙද සේවාවේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන ලෙස එය අය මට බලකරනවා. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හැටියට මම ඒ තත්ත්වය පාලනය කරගෙන සිටිනවා. නමුත් දැන් එය පාලනය කරගත නොහැකි තත්වයකට තල්ලු කර තිබෙන බව කිව යුතුයි.

මේ අය ප්‍රශ්න වලට විසඳුම් දෙනවා වෙනුවට ඒවා අනාගෙන හත්පොලේ ගාගන්නවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක් පත් කර තිබෙනවා. කාගේ වුවමනාව මත එම තීරණ ගත්ත ද කියන්න අපි තවම දන්නේ නැහැ. මෙය නරක පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි.

ප්‍රශ්නය – නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්කර තිබෙන්නේ ඒ සඳහා පවතින නීත්‍යානුකූල ක්‍රමවේදයට පිටින් යමින් කියාද ඔබ වහන්සේ කියන්නේ?

පිළිතුර – සුදුසුකම් සම්පූර්ණ කළ ජේෂ්ඨයින් සිටියදී මෙලෙස උඩින් පත් කිරීම වැරදියි. මේ පත් කිරීමට විරුද්ධව මේ වන විට දැඩි විරෝධයක් පළ වී තිබෙනවා.

ප්‍රශ්නය- එලෙස විරෝධය පළ කරන්නේ නව සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඉවත් කරන්න කියලද?

පිළිතුර – නැහැ. ඔහුව ඉවත් කරන්න කියා අපි කියන්නේ නැහැ. ඒ මහත්තයා සමග අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙයාව ඒ තනතුරට දාන්න සැලසුම් කළ අය එය වැරදි පූර්වාදර්ශයක් දෙමින් ඒ පත්කිරීම සිදුකර තිබෙන්නේ. රාජ්‍ය සේවයේ එහෙම කටයුතු කරන්න බැහැ.

ප්‍රශ්නය – හෙද සේවාවේ ගැටළු ඉහලට ගෙන නොගොස් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් විසඳාගැනීමට ඔබ වහන්සේලා උත්සාහ කළේ නැද්ද?

පිළිතුර – උත්සාහ කළ වාර ගණන අනන්තයි. බීරි අලින්ට වීණා වයනවා වගේ කිසිම ඵලක් නැහැ. සෞඛ්‍ය සේවාවේ දුක්ගැනවිලි කියන්න කෙනෙක් නැහැ. හදිසියකට දුරකථන ඇමතුමක් ලබා ගත්තත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුරුත් ඒ ඇමතුම ලබාගන්නේ නැහැ.

මේ හරිම ඛේදනීය තත්ත්වයක්. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමට කාටවත් හැකියාවක් නැහැ. ඔහු හමුවීමට වෛද්‍යවරුන්ට පෝලිමේ යෑමට සිදුව තිබෙනවා. මේ ගැටළු කාටද කියන්නේ? කවුද ඇහුම්කන් දෙන්නේ? වැඩ බැරි ටාසන්ලා තනතුරුවලට පත්කර ගත්තාම මෙවැනි තත්ත්වයන් ඇතිවෙනවා.

ප්‍රශ්නය – කවුද හාමුදුරුවනේ ඔය වැඩ බැරි ටාසන්?

පිළිතුර – අමාත්‍යාංශ ලේකම් හමුවීමට වෛද්‍යවරු පෝලිමේ යන තත්ත්වයක් කවදාවත් මේ රටේ තිබුණේ නැහැ. අපිට වුණත් මේ සේවාවේ දුක්ගැනවිල්ලක් කියන්න ඉඩක් නැහැ. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව කිව යුතුයි.

ප්‍රශ්නය – පසුගිය දා ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය කිහිපනමක් ජනාධිපතිතුමා මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සාකච්ඡාවල අරමුණ මොකක්ද ඒ සාකච්ඡාවේ කරුණු සිහිපත් කරන්න පුලුවන්ද?

පිළිතුර – මීට දින කිහිපයකට පෙර ඉහත දී භික්ෂූන් වහන්සේලා ලෙස අපි ජනාධිපතිතුමා හමු වී විශේෂ සංදේශයක් ඉදිරිපත් කළා. එහි සඳහන් ප්‍රශ්න හතරකට එතුමා පිළිතුරු පිලිතුරු දුන්නා ඒ සඳහා දිගු කාලයක් ගත්තා. ඇමති මණ්ඩලය දීර්ඝ නොකිරීම, ද්විත්ව පුරවැසිභාවය, විගණන කටයුතු ඇතුළු කරුණු ගණනාවක් මෙහි දී සාකච්ඡා කළා.

ද්විත්ව පුරවැසිභාවය ගෙන එන්නේ නැති බවට ජනාධිපතිතුමා අපිට පොරොන්දු වුණා ඒ කමිටුවේ දී සංශෝධනය කරන බව ප්‍රකාශ කළා.

මේ රටේ සිංහල බෞද්ධ අතිබහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් තබලා පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බලයක් මට ලබා දුන්නේ. එහෙම කළේ මේ රට හදන්න. නමුත් එතුමාට ඒ ගමන යන්න උවමනාව තිබුනත් වැරදි උපදේශකයෝ ඊට ඉඩදෙන්නෙ නැහැ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තිබියදී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන ඔවුන්ට වරදාන වරප්‍රසාද ලබා දෙමින් විසිවැනි සංශෝධනය අනුමත කර ගැනීම අපි කිසිවිටෙකත් අනුමත කරන්නේ නැහැ. මේ අයගේ සහාය ගත්තේ කුමන අරමුණකින් ද කියා අපට සිතා ගන්නට බැහැ.

ප්‍රශ්නය- ඔබවහන්සේලාට ජනාධිපතිතුමා ද්විත්ව පුරවැසි බව ඉවත් කරනවා කියා පොරොන්දු වුණත් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වඩා වැඩි ඡන්දයකින් සම්මත කරගෙන තිබෙනවා නේද?

පිළිතුර – ඔව් නමුත් ජනාධිපතිතුමා අපට පොරොන්දු වී තිබෙනවා. ඉදිරියේ මෙය ඉවත් කරනවා කියා ඒ පොරොන්දුව ඉටු කරනු ඇතැයි අපි විශ්වාසයෙන් බලා සිටිනවා. ද්විත්ව පුරවැසි බවට විරුද්ධව අපි නැගුව හඬ අපේ මතය අපි තවම අමතක කරන්න අපි ඉතා අවධානයෙන් මේ දෙස බලා සිටිනවා.

ප්‍රශ්නය – රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු වී තිබෙනවා මේ සම්බන්ධව ඔබ ඔබ වහන්සේලාගේ මතය මොන වගේ එකක්ද?

පිළිතුර – අලුත් අළුත් ව්‍යවස්ථාව ගෙන ඒමට පෙර ඒ ගැන රටේ ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුයි. එය විවෘත කරමින් ජනතාවගේ හා රටේ විවිධ පාර්ශවවල අදහස් යෝජනා ලබාගෙන ඒ ගැනත් පුළුල් කතිකාවතක් සංවාදයක් ඇති කළ යුතුයි.

කවුරු වුනත් ජනමතයට කන් දියයුතුයි. එහෙම නොවන හැම තැනකම ප්‍රශ්න මතුවෙනවා. ගෝඨාභය ඝෝටාභය ජනාධිපතිතුමා ජනමතයට කන් දී පොරොන්දු වූ පරිදි රට හැදීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපි විශ්වාසයෙන් යුක්තව බලා සිටිනවා. ඇතැම් විට එතුමාට උවමනාව තිබුනත් එතුමා වටේ සිටින කේවට්ටයෝ පුරෝහිතයෝ ඒ කටයුතු අවුල් කරනවා.

එලෙස වැඩකටයුතු අවුල් කරන බව කහ ප්‍රශ්නයේදී ඉතාම පැහැදිලියි. අද මේ රටේ කහ හිඟයක් තිබෙනවා. නමුත් වරායේ කන්ටේනර් 50ක් පමණ ගොඩගැසී තිබෙනවා. මේවා ගෙනාව අයට දඩ ගහලා හෝ මේ කහ ටික රටට මුදා හැරියොත් කහ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය හැකියි හැකියි. අවාසනාවකට මේ අය ඒ ගැන තවමත් තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා. අපිට තේරෙන්නේ නැහැ, ජනාධිපතිතුමාට කවුද උපදෙස් දෙන්නේ කියා. අපිට හිතෙන්නේ එතුමගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම වැළැක්වීම සඳහා කුමන්ත්‍රණයක් වැරදි උපදෙස් හරහා දියත් වන බවයි.

මේ ආණ්ඩුව අපි හදපු ආණ්ඩුවක්. ඒ නිසා අඩුපාඩු ගැන කෙලින් සිටගෙන අපට කතා කළ හැකි. අපේ අරමුණ වී තිබෙන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වලා දී ආණ්ඩුව නිවැරදි මාවතකට ගෙන ඒම විනා මේ ආණ්ඩුව එළවලා දාලා තවත් ආණ්ඩුවක් ගෙන ඒම නෙවෙයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ ඔය කතාවෙන් මට එක දෙයක් පැහැදිලි වෙනවා. පසුගිය මැතිවරණවලදී ඔබ වහන්සේලාගේ මතයට ඇහුම්කන් දුන්නාට පාලකයින් බලයට පැමිණි පසු ඇහුම්කන් නොදෙන තත්ත්වයක් උද්ගතව තිබෙන බව නේද?

පිළිතුර – ඉතාම පැහැදිලියි. මේ වන විට එවැනි තත්ත්වයක් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපි දන්නවා ආණ්ඩුවක් තිබෙනවා කියා. නමුත් අවාසනාවකට මෙන් ආණ්ඩුව දන්නේ නැහැ අපි ඉන්නවා කියන එක. අද සිදුව තිබෙන්නේ එයයි. ජීවිත පරිත්‍යාගයෙන් මේ පාලකයින් පත්කරගන්න අපි කටයුතු කළත් මේ අයගෙන් හෝ ආණ්ඩුවෙන් වාහනයකට ඉන්ධන ටිකක්වත් අපි අරගෙන නැහැ. අපේ එදා ගත්තෙත් නැහැ. අද ගන්නෙත් නැහැ. හෙට ගන්නෙත් නැහැ. නමුත් මේ අයට මුල අමතක වී කටයුතු කිරීම ගැන අපි කණගාටු වෙනවා.

අද මේ පාලකයින් වටේ ඔවුන් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩුව බලයට ගෙනඒමට උදව් කළ අය නෙවෙයි. අද ඉස්සරහ සිටින අය ආණ්ඩුව බලයට ගෙන ඒමට තඹ දොයිතුවකින් වත් උදව්වක් කරපු අය නෙවෙයි.

මේ රටේ බලයට පත් වූ හැම ආණ්ඩුවකට ම මෙවැනි තත්ත්වයක් ඇති වුණා ආණ්ඩු බලයට පත් කරන්න උදව් උපකාර කළ අය පැත්තකට දාලා උදව් නොකරපු අය ලොකු කරගන්නවා කර ගන්නවා ඒ ගන්නවා ඒ රෝගය මේ දේශපාලනයේ හැමෝටම තිබෙනවා .

ප්‍රශ්නය – ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මේ රටට පැමිණියා. චීනය මේ ගැන විරෝධය පළ කරනවා. ඉන්දියාව තවත් පැත්තකින් මෙරටට අතදානවා. මහා සංඝරත්නය හැටියට මේ තත්ත්වය දකින්නේ කොහොමද?

පිළිතුර – ඔය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හිටපු ඔත්තුකාරයෙක්. පසුගිය කාලෙත් මේ අයගෙන් අපට ප්‍රශ්න මතු වුණා. මොහු ලංකාවට පැමිණෙන්නේ අපේ රටට හොඳක් කරන්න නම් නෙවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කිසිවක් වසන් නොකර මේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණියේ කුමන කාරණයකට ද කියා රටට හෙළි කළ යුතුයි. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා කිසිවක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

රාජ්‍ය ලේකම්ලා, ජනාධිපතිවරු, ඇමතිවරු මෙරටට පැමිණියාට ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුතුයි. නමුත් අපි අදටත් ප්‍රශ්නෙ කරන්නේ මෙලෙස පැමිණියේ කුමන හේතුවකට ද? කියන එකයි.

ප්‍රශ්නය – මීට ඉහත දී පසුගිය ආණ්ඩු සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ඊට එරෙහිව මහ හඬක් නගමින් කටයුතු කළ විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි ආණ්ඩුවේ සිටින දේශප්‍රේමීන්ගෙන් මෙවර හඬක් මතු වුණේ නැහැ. ඔවුන්ගේ මේ නිහඬතාව ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පිළිතුර- ඔව්. කන්න ඕන වෙනකොට කබරයා තලගොයා කර ගන්නවා. ඒ න්‍යාය තමයි මේ අය ලග ළඟ තිබෙන්නේත්. ඔවුන්ට අද ඕන වෙලා තියෙන්නේ ජනතාව වෙනුවෙන්වත් රට වෙනුවෙන්වත් හඬක් නැගීමට නොවෙයි. තමන්ගේ තනතුරු වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමටයි. නැවත මේ අයට ජනතාව මතක් වෙන්නේ ඊළඟ ඡන්දය එන විටයි. මේ අය එදා කියපු දේවල් සහ අද කියන දේවල් දෙස බලන විට අහසට පොළොව වගෙයි. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල… කියන කියමන මට සිහිපත් වෙනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුත් ආසාදිතයන් අතරට

Next Post

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනකට සීමාවෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.