පාර්ලිමේන්තු පිවිසුම අසළ විරෝධතාවයේ නියැලී සිටි තරුණ තරුණයින් පිරිසට කෲර ලෙස සලකා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ‘සර්’ ලෙසින් කතා කළ අයෙකුගේ බලපෑමට බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
තරුණ තරුණයින් ඇප ලබාගෙන අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී අධිකරණයේ දී හෙලිවුණු කරුණු පිළිබඳ සඳහන් කරමින් මේ බව පැවසීය.
මෙම තරුණ තරුණියන් පිරිස අත්අඩංගුවට ගත යුතු වූයේ තලංගම පොලීසියෙන් වුවත් නවගමුව පොලීසියෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානයට ගෙන ගොස් තිබේ. එහිදී ඔවුන්ගේ වරදක් නොමැති බැවින් පොලිස් ඇප මත මුදා හරින්න යැයි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇතත් නවගමුව පොලිස් ස්ථානධිපතිවරයා ඊට බාධා කර ඇත’
ඔහු කෙනෙකුට දුරකථන ඇමතුමක් අරගෙන ‘සර්’ කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කතා කළ කෙනාගේ බලපෑමට අනුව තමයි මේ කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ..
ජයමාන්න මහතා මෙහිදී සඳහන් කළේය.