දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගත් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වළක්වා ගැනීම සඳහා තුන්වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි.
ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මාත්‍රා දෙකකින් ලැබෙන ප්‍රතිශක්තිය මගහැර යා හැකි වුවත් වර්ධක මාත්‍රාවක් මගින් ඊට රැකවරණය සැලසෙන බව ඔවුන් පෙන්වා දෙයි.
තුන්වන මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදනය සියයට 75කින් පමණ වළකින බව ඔවුන්ගේ පර්යේෂණ තහවුරු කර ඇත.