බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරක්කු ඔන්ලයින් දෙන්න හදිසි ආණ්ඩුව ළමයින්ට ඔන්ලයින් දෙන්න පරක්කුයි!

by Lanka Sara Editor
ජූනි 17, 2021
in පුවත්
manusha nanayakkara
Share on FacebookShare on Twitter

ඔන්ලයින් ක‍්‍රමයට අරක්කු බෙදීමට ආණ්ඩුව දක්වන උනන්දුව අන්තර්ජාලය ඔස්සේ ළමුන්ගේ අධ්‍යාපනය ලබාදීමට ලබාදී නොමැති බවත්, ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඇතිවූ ජනතා විරෝධය යට ගැසීම සදහා ආණ්ඩුව අරක්කු නාඩගම කරළියට ගෙනවිත් ඇති බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක මනුෂ නානායක්කාර පැවසුවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානානයක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.

රටේ තෙල් මිල ඉහළ ගිහින්, මේ පිළිබද ජනතා විරෝධයක් මතුවන විට ආණ්ඩු පක්ෂය ඇතුලෙන්ම සාගර කාරියවසම් නාටයක එළියට ආවා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව විශ්වාසංග යෝජනාවක් ඉදිරිපත් කරන විට ආණ්ඩුවේ නිරුවත එළිදක්වන්න විපක්ෂය කටයුුතු කරන විට මේක යට ගැසීමට අලුත් සුත‍්‍රයක් අරගෙන ඇවිත් තියෙනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ ආණ්ඩුව විවිධ නාටක ඉදිරිපත් කරමින් රටේ සැබෑ ප‍්‍රශ්ණ යට ගැසීමට හරිම දක්ෂයි. මේ වෙලාවේ තෙල් මිල ප‍්‍රශ්ණය එන විට ගම්මන්පිල එදිරිව පොදුජන පෙරමුණේ මහ ලේකම් නාටකය එළියට දැම්මා. එය සාර්ථක නැති නිසා ඔන්ලයින් අරක්කු නාටකය එළියට දාලා තියෙනවා.

විරෝධතාවය යට ගැසීමට ඔන්ලයින් අරක්කු නාටකය අරගෙන ඇවිත්. හෙට අන්ින්දට ජනාධිපතිවරයා එළියට ඇවිත් ඔන්ලයින් අරක්කු බෙදන්න දෙන්නේ නෑ කියාල කියාවිද දන්නේ නෑ. ඊට පස්සේ රෙස්පෙක්ට් සර් කියලා කියාවිද දන්නේ නෑ.

ඔන්ලයින් අරක්කු ගේන්න ආණ්ඩුව උනන්දුවක් දැක්වූවාට ළමුන්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන්නේ නෑ. අද ළමුන්ට අන්තර්ජාල පහසුකම් නෑ. ලැප්ටෙප් පරිඝණක නෑ. ස්මාර් පෝන් තියෙන්නේ සියයට 54යි. අන්තර්ජාල සම්බන්ධතා තියෙන්නේ සියයට 34 යි. ළමුන් ගස් උඩට නැගලා අන්තර්ජාලය සම්බන්ධවෙන්න උත්සාහ ගන්නවා. දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදුවෙලා තියෙන්නේ මේ වගේ දුෂ්කරතා මැදයි.

ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කරානම් මේ ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න තිබුණා. අලුත් ඩිජිටල් ඇමැති විදියට පත් වුනාට මේ ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට හැකියාව ලැබී නැහැ.

මාස ගණනාවක් අධ්‍යාපනයට සිදුවූ හානිය දශක ගණනාවකින් හරවන්න බෑ. මේ ගැන අධ්‍යාපන ඇමැතිවරයා, ඩිජිටල් ඇමැතිවරයා අවධානය යෙමු කළ යුතයි. අරක්කු ඔන්ලයින් ගෙන්වීමට ආණ්ඩුව දක්වන උනන්දුව දරුවන්ගේ ඔන්නලයින් අධ්‍යාපනය ගැනත් අවධානය යොමු කරනවා.

අද තමන්ගේ ළමයාට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන්න විදියක් නැහැ, ස්මාර්ට් දුරකතනයක් නෑ කියලා දෙමාපියන් අපිට කතා කරනවා. මේ වෙලාවේ තමන් පාවිච්චි කළ ස්මාර්ට් දුරකතනයක් හෝ ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන්න කියලා පුලුවන් අයගෙන් ඉල්ලීමක් කරනවා.

ආණ්ඩුවේ සමහර ඇමැතිවරු අපිට ඇති තරම් සල්ලි තියෙනවා කියනවා. ඒත්  අපිට උදව් කරන්න කියලා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරිය ඉල්ලා සිටිනවා. මේ තත්වය තුළ විපක්ෂ නායකවරයා අවස්ථා 44 කදීම සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපකරණ ලබාදී තිබෙන්නේ.

නැවේ ප‍්‍රශ්ණය ආවාම වන්දි ගන්න පුලුවන් කියලා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් පැවසුවා. ආණ්ඩුව තමන්ට වන්දියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් නැව ගිනිගැනීමට ඉඩ දුන්නාද කියන සැකය තියෙනවා.

කැස්බෑවෝ, තල්මස්සු මැරිලා ගොඩට ගහන විට, ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නේ වාරකන් කාලයට ඔහොම තමයි කියලා කියනවා. හැම අවුරුද්කමක වාරකන් කාලයට මේ විදියට කැස්බෑවෝ මැරෙනවාද? නැව නිසා පරිසරයට වූ හානිය යට ගහන්න උත්සාහ ගන්න එපා.

නැවේ කපිතාන්වරයා කියෙන්නේ වරාය අධිකාරිය විසින් නැව ගිනි ගැනීමට ඉඩ දුන් බවයි. නැව ගිනිගැනීමට ඉඩ දුන්නේ වන්දි ලබාගැනීමටද? මේ ආණ්ඩුව ඩොලර් සාගතයකින් පෙලෙනවා. ඩොලර් සාගතයෙන් බේරීමටද ආණ්ඩුව මේ නැව ගිනි ගැනීමට ඉඩ දුන්නේ.

ඒ වගේම වන්දි මුදල් ලාබාගැනීමත්, පසුගිය වතාවේ නිව් ඩයමන්ඩ් නැවේ වන්දි ලබාගැනීමට ලබාදුන් ආයතනටමයි. ඒ පිටුපස තිනේනේ මොක්කද? අනෙක මේ නැව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ඩෙන්මාර්ක් නැවක් එන තුරු බලා සිටියා. මේ නැව කාගේද? එය ලංකාවට ගෙනාවේ කවුද කියලා සොයා බැලිය යුතුයි.

තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරන විට නොයෙක් කතා කියනවා. මේ ආණ්ඩුවේ ඉන්න අය කලින් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් අනූවට දෙන්න පුලුවන් කියනවා. ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වන විට තෙල් සහනය ජනතාවට නොදී මිල ස්ථායිතා අරමුදලක් හදන බව ආණ්ඩුව කිව්වා.

මේ තෙල් මිල ස්ථායීතා අරමුදලට මොකක්ද වෙලා තියෙන්නේ. මේ ගැන ඇමැතිවරයා එක කතාවක් කියනවා. මුදල් අමාත්‍යාංශය තව කතාවක් කියනවා. අවසානයේදී මේ අරමුදලට කවුරු හරි විදලාද කියලා අපිට සැක හිතෙනවා.

චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා බිලියන අසූවක ලාබයක් සහිතව තෙල් සංස්ථාව ලාබාදුන් බව කියනවා. දැන් තෙල් සංස්ථාව පාඩු යැයි කියන්නේ කොහොමද? දැන් ආණ්ඩුව බද්ද අඩු කළොත් ජනතාවට මීට වඩා සහනයක් ලබාදිය හැකියි.

අයි. ඔ්.සී. සමාගම දැන් ලාබ ලබන ආයතනයක්. තෙල් මිල වැඩිකිරීම හරහා ලාබ ලබන ඉන්දියානු තෙල් සමාගමට තවත් ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මේක ආණ්ඩුවේ කාගේ හරි අවශ්‍යතාවයක් අනුව සිදුවෙනවාද? ඉන්දියානු තෙල් සමාගමට අධික ලාබ ලැබීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් තෙල් මිල වැඩි කළාද කියන සැකය අපිට තියෙනවා.

මේ වන විට ආනයන බොහෝමයක් නතර කරලා තියෙනවා. ඩොලර් සාගතයේ තවත් අතුරුප‍්‍රතිඵලයක් විදියට රසායනික පොහොර ගෙන්වීම නතර කරලා තියෙනවා.

ඩොලර් සාගතය නිසා පොහොර ගෙන්වීම නතර කිරීම නිසා තේ වගාව කඩාගෙන වැටිලා. තේ අර්ථිකය සියයට හතලිහකින්, පනහකින් ඵලදාව අඩුවේවි. විශ්ව විද්‍යාලවල ඉන්න කෘෂිකර්ම ආචාර්ය මහාචාර්යවරු තමයි මේක කියන්නේ.

ජාතික ආර්කෂාව ගැන කතා කරපු ආණ්ඩුවට ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට නොහැකි වෙලා. හෙට අනිද්දා සියලුම ගොවීන් පාරට බහින විට ආණ්ඩුවට යන්න පාරක් නැතිවෙනවා.

ජී.එස්.පී. ප්ලස් සහනය 2012 සිට 2017 දක්වා අපිට අහිමිවී තිබුණා. ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා නිසයි. නැවත  වරක් 2017 දී ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාගැනීමට හැකියාව ලැබුණා.

ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිකිරීම සදහා වන යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නා විට මුදල් ඇමැතිවරයා ඒක ප‍්‍රශ්ණයක් නැති බව කියනවා. අපිට වෙනත් රටවල් සමග තරග කිරීමට හැකියාව ලැබෙන්නේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නිසයි. මේ බදු සහනය අහිමිවූ විට ලංකාවට තිබෙන වෙළදපොල අපිට අහිමි වෙනවා.

ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වන විට ශානි අබේසේකරට ඇප ලබාදෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවට පිංසිද්ධ වෙන්න තමයි ඔහුට ඇප ලැබී තිබෙන්නේ.

තමන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ නිලධාරීන්ට දඩුවම් ලබාදීමේ මෙවලමක් විදියට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

හෙට අනිද්දා වන විට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන කල්පනා කරනවා කියලා විදේශ කටයුතු ඇමැතිවරයා ප‍්‍රකාශ නිකුත් කරනවා. එහෙම කරන්නේ ජී.එස්.පී. ප්ලස් සහනය ආණ්ඩුව අවශ්‍ය නිසයි.

පසුගිය කාලයේදී හරින් ප‍්‍රනාන්දුට එරෙහිව ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තේත්, රිෂාඩ් බදියුදීන්ට එරෙහිව කටුයතු කරන්නේත් මේ පනත අනුවයි. තමන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ නිලධාරීන්ගෙන් පලිගන්නා විට ලෝකමය ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා.

සිංහ සෙයියාවෙන් ආවත් ජි.එස්.පී. ප්ලස් සහනය අහිමි වන විට ආණ්ඩුව සිංහ හම ගැලවී සුනඛ සෙයියාව ඉස්මතු කරමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් එක මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමෙන්්තුවට ඇවිත් විපක්ෂ නායකකමත් ගන්වා කියලා කියන්න පටන් අරගෙන තියෙනවා.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරලා සමගි ජන බලවේගයට සහාය දුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරනවා. හැබැයි ගාල්ල නගර සභාවේ මන්ත‍්‍රීවරු පොදුජන පෙරමුණට සහාය ලබාදෙනවා. ඔවුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා නැහැ.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාගේ ඩීල් එක තමයි මේ දැන් එළියට ඇවිත් තියෙන්නේ. රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට වැඩියෙන්ම සතුටු වෙලා තියෙන්නේ ආණ්ඩුවයි. විපක්ෂය ශක්තිමත් වන විට විපක්ෂය බෙදා තමන්ට වාසි ලබාගැනීමට තමයි ආණ්ඩුව උත්සාහ ගන්නේ.

රනිල් වික‍්‍රමසිංහ සමග හැටක් එනවා නම් ඒ හැට ගන්න වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් තමයි. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා තමන්ගේ කණ්ඩායම හැට කරගැනීමට තමයි එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ.

විපක්ෂනායකධූරය ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට පසුව වැඩිම මන්ත‍්‍රීධූර සංඛ්‍යාවක් ලබාගත් දේශපාලන පක්ෂයේ නායකයාට බව ආණ්ඩුව සිහියේ තබාගත යුතුයි.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එනවා කියලා අපිට ප‍්‍රශ්ණයක් නෑ. ආණ්ඩුව මේ වෙලාවේ කලබල වෙලා. ආණ්ඩුව තමන්ගේ ෆේල් කම වසා ගැනීමට තමයි රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රශ්ණය එළියට අරගෙන ඇවිත් තියෙන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානිට එරෙහිව ඇත්තේ මිනිමරුවන්ගේ සහයකයන් ගොනු කළ බොරු සාක්ෂි – අභියාචනාධිකරණය

Next Post

කෝප් කමිටුවත් ඔන්ලයින් රැස්වීමට පියවර

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.