ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අන්තර්ජාල වීඩියෝවක පැවති සම්මුඛ සාකච්ඡාවක දී හඬා වැටුණාය.
තමන්ගේ ස්වරූපය සහිත කාන්තාවකගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය තුළ පැතිරී ගිය සිද්ධියත් සමග ඇති වූ දැවැන්ත මානසික පීඩනය “හරි ටීවී “ යූ.ටියුබ් චැනලය සමග කළ එම සම්මුඛ සාකච්ඡාව අතර දී පුපුරා ගියේය.
ඒ පෙනී සිටින කාන්තාව තමා නොවන බව දැන දැනත් අන්තර්ජාලය තුළ එය බෙදා හැර ඇයගේ චරිතය විනාශ කරමින් ප්‍රකාශ නිකුත් වූ ආකාරය ඇය කියා සිටියාය.
මේ සම්බන්ධව සයිබර් අපරාධ ඒකකයට පැමිණිලි කළ බවත්, දැන් එය නැවතී ඇති නමුත් විශාල ප්‍රමාණයක් එය සංසරණය වී ඇති බවත් ඇය කියා සිටියාය. ඇය කියන්නේ වචන ඉතාම බලවත් බවය. තමන් පිට කරන වචන වලින් කෙනෙක් විඳින පීඩාව කොයි මොහොතක හෝ යළි එම පීඩකයන් වෙත ලැබෙන බවය.
මේ හරි ටීවී සමග උමාරියා කළ සම්මුඛ සාකච්ඡාවය.