ප්‍රබන්ධයක් ලෙස ලේබල් කළ යුතු පොතක් එළි දක්වා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පදනම් විරහිත චෝදනා එල්ල කර අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් අතිශයින්ම කලකිරීමට පත් වී සිටින බව ඇමරිකානු තානාපති ජුලී චුන්ග් සිය වට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
“එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා කැපවීම් අවුරුදු 75ක් තිස්සේ බෙදාගෙන තිබේ. හවුල්කාරිත්වයක් සහිත අනාගතයක් අපි එක්ව ගොඩනඟමු.”
ඇමරිකානු තානාපතිනිය ජූලී චුන්ග් ප්‍රකාශ කරතිබේ.
I am disappointed that an MP has made baseless allegations and spread outright lies in a book that should be labeled “fiction.” For 75 years, the US & SL have shared commitments to democracy, sovereignty, and prosperity – a partnership and future we continue to build together.
— Ambassador Julie Chung (@USAmbSL) April 26, 2023
ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු තමන් විසින් රචනා කරන ලදැයි කියන “නවය, සැඟවුණු කථාව” නම් කෘතියක් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ඊයේ (26) පදනම් ආයතනයේ දී එළිදැක්වූයේය.
උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,
එම කෘතියේ අන්තර්ගත සිද්ධියක් ගැන විස්තර කරමින් පොත එළිදක්වන අවස්ථාවේ දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
“මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉල්ල රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා.
ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ ඉල්ලා අස්වෙලත් නැහැ.
ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. මේක සමහර විට කථානාකතුමා ප්‍රකාශයක් කරයි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක එයා ඉන්දෙද්දී මට බැහැ කියලා.
ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඇමරකානු තානාපතිනිය කියනවා.
ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්, ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. “
ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා.”